වර්තමාන ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව දේශපාලන, ආර්ථික සහ සාමාජයීය දැනුමෙන් සන්නද්ධ කරමින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට යොමු කිරීමේ අරමුණ ඇතිව ඉකුත් වසරේ මාර්තු (17 ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරී මහත්ම මහත්මීන්, දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තීයවේදීන් ඇතුලු පිරිසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබු ප්‍රජාතන්ත්‍රවාදී තරුණ අධ්‍යයන කේන්ද්‍රය හරහා අධ්‍යයන කටයුතු සිදු කළ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට සහ පැෆ්රල් සංවිධානය පැවැත්වූ සමාජ මාධ්‍ය ජාල තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් බෙදාදීමේ උළෙල (24) පදනම් ආයතනයේදී පැවැත්වුණේය.
මෙම අවස්ථාවට
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ගරු බොනී හොර්බැ(ක්) මැතිනිය හා
, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල්, ඇතුලළු දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිවූහ.
මෙහිදි අදහස් දැක්වු පැෆරල් සංවිධානයේ විධයක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා….
අපි වැය කර මුදල් වලට සාපේක්ෂව දේශපාලනය වෙනස් කිරීමට දූෂණය නවත්වන්නට අපට බැරි වුණා .අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හිඟයක් තියෙනවා .නාමිකව පමණයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ .ප්‍රජාතන්ත්‍රාවාදී මුදුන් මල්කඩ ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මේ වෙනකොට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා නැති කිරීමට නීති සම්පාදනය වෙමින් පවතිනවා .ඉදිරියෙන් නියමිත මැතිවරණය පවා කල් දමා වි කියලා අපට සාධාරණ බියක් තියෙනවා .
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්
සමන් ශ්‍රී රත්නායක
අද තරුණයන්ට දේශපාලනයට එන්න තියෙන හැකියාව බොහොම අඩුයි
තරුණයින්ට දේශපාලනය පිළිබඳ අත්දැකීම් ලබා දෙන්න දැනුම ලබා දෙන්න තැනක් නැහැ .ලොකු හිස්තැනක් තියෙනවා. අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ විධිමත් ක්‍රම භාවයන් නැති නිසා.එනිසා මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙනවා.අපි මැතිවරණ ප්‍රතිසංස්කරණ එක නොයෙකුත් නීති රීති ගෙන එන්න උත්සාහ කළේ මේ වෙනස කරන්න .අපි ඉල්ලීම් කරා නැවත මේ තරුණ කෝටාව ලබා දෙන්න කියලා සියලු පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතන වලට