21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්චන්න දේශප්‍රියගේ " දූස්රා " ඩකා උළෙලට….

චන්න දේශප්‍රියගේ ” දූස්රා ” ඩකා උළෙලට….

ප්‍රවීණ කැමරා ශිල්පි චන්න දේශප්‍රිය දෙවන සිනමා නිර්මාණය වූ ” දූස්රා ” මෙම මස 20 වන දින සිට 28 දක්වා බංගලිදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන, 22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ඇත. මෙම උළෙලේ දී රටවල් හැත්තෑවක නිර්මාණය වූ චිත්‍රපට 250 පමණ ප්‍රදර්ශනය කරවීමට සැලසුම් කර ඇත .
මෙවර මෙම උළෙලේ තේමාව වී ඇත්තේ , ” වඩා හොඳ ච්ත්‍රපටයක් , වඩා හොඳ ප්‍රේක්ෂක පිරිසක් සහ යහපත් සමාජයක් ” යන්නයි.

මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කල ” දුස්රා ” චිත්‍රපටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක , සජිත අනුත්තර , ලක්ෂාන් අබේනායක , ශ්‍යාම් ප්‍රනාන්දු , ස්ටීව් ඩිලා සිල්වා , වසන්ති රංවල , රුවන් මදනායක හා නදීශානි පේලිආරච්චි ඇතුළු පිරිසක් දායකව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක , සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර , ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ , සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි , අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක්වී ඇත . ” දුස්රා ” තිර රචනයද චන්න දේශප්‍රිය විසින්ම නිමවන ලද්දකි.

ඇන්ටන් ජේ ප්‍රනාන්දු .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments