කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ලොවම අසරණ කර තිබෙන අවස්ථාවේදී එම අභියෝගයට මුහුණදීමට අපේ ශ්‍රී ලාංකික ජනතාවද තිබෙන අඩුපාඩුකම් හා අපහසුකම් පසෙකලා කටයුතු කළ යුතු බව සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල රජමහාවිහරායේ විහාරාධිපති ආචාර්ය ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉකුත්(07) කැලණිය පට්ටිවිල දහම් හඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති මෙම කොඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ලොවින් තුරන් ලොවැසි ජනතාවත් මෙරට ශ්‍රී ලංකික ජනතාවටත් නිදුක් නිරෝගි බව ලැබි සුවපත් ජීවිත ගතකරන්න අවස්ථාව ලැබේවා යන උදාර ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන පට්ටිවිල දහම් හඬ බෞද්ධ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ යටමලගල සුමනසාර හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති සෙත් පිරිත් සජ්ජායනය හා දුෂ්කර පළාත්වල විහාරස්ථානවල වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගි වෙමින් එහිදි විශේෂ අනුශාසනාවක් සිදුකරමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාහිමියෝ සඳහන් කළේ යටමලගල සුමනසාර ස්වාමීන් වහන්සේ ඕනෑම දෙයක් සංවිධානය කිරීමේදි ඉතාම උසස් ලෙස එය ඉටුකිරීමට ධෛර්ය වන්තව කටයුතු කරන බවයි. එබැවින් මෙම වසංගත තත්ත්වය අපි කෙසේද කළමනාකරණය කරන්නේ අපි එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ජනතාව යම් හැඟීමකින් ක්‍රියා කළ යුතුයි. අපි කාටත් මේ දිනවල අඩුපාඩු බොහෝමයක් ඇති වෙලා තියෙනවා නමුත් අපි ඒවා විඳ දරාගෙන කටයුතු කළ යුතු වෙන බව කාටත් පැහැදිලි විය යුතුයි. අපේ රටට පමණක් සිදුවුණු දෙයක් නොවේ මෙය මුළු ලොවම අසරණවු අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ අවස්ථාවට සහභාගිවි සිටින සිසිර ජයකොඩි රාජ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අංශයේ කාර්ය මංඬලයේ පිරිස් මේ සඳහා දේශීය වශයෙන් ඖෂධයක් සොයා ගැනීමට කරන උත්සහය අගය කළ යුතුයි. අපි මින් මිදීමට දැඩිව සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ක්‍රියා කරමු. එමෙන්ම සිවුරු පූජාව ඉතා උතුම් පූජාවක් මෙම සිවුර නිර්මාණය කළේ බුදු රජාණන් වහන්සේයි. උන්වහන්සේ කුඹුරක් අසලට ආනන්ද මහා රහතන් වහන්සේ කැඳවාගෙන ගොස් සිවුර නිර්මාණය කරන හැටි කියාදුන්නා. ඒ නිසා කුඹුරේ ලියැදි ලෙස කෑලි කෑලි මූට්ටු කරලා සිවුර සකස් කර තියෙන්නේ. එදා සිවුරු හිඟයක් අද බැතිමතුන්ගේ භක්තිමත් භාවය නිසා සිවුරුවල හිඟය අඩුවුණත් වර්තමානයේත් දුෂ්කර පළාත්වල භික්ෂූන් වහන්සේ අති දුෂ්කරව සිය කටයුතු කරන ආකාරය දකින්න හැකියි. ඒ පළාත්වල භික්ෂූන් වහන්සේට සිවුරු ලබාදීමට ඉතාම යහපත් පිංකමක්. මේ අවස්ථාවට ප්‍රදේශයේ විහාරස්ථානව විහාරාධිපතීන් වහන්සේලා වැඩම කර තිබුණු අතර රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාද , රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ බිරිද ඇතුළු මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් රැසක් එක්ව සිටියහ. මෙම පිංකම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවැත්විණි.
රටට සෙත් පතා පට්ටිවිලදී සෙත් පිරිත් සජ්ජායනයක්
RELATED ARTICLES