අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය (27) උදෑසන කාලයේ දී එම කාර්යාංශයේ නිලධාරින් ලැබුණු තොරතුරක් මත බැංකු ගිණුම්වලට මුදල් බැරකර ගෙන හෙරොයින් ජාවාරම් කළ සැකකාරියක් අතුරුගිරිය පොලිස් වසමේ ශාන්තාලෝකගම ප්‍රදේඛශයේදී හෙරොයින් ග්‍රෑම් 38 මිලිග්‍රෑම් 250ක් , ජංගම දුරකතන දෙකක්, කාර්රථයක්, හා මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 260,000ක් සමග අත්අඩංගුවට ගෙන අනුරාධපුරය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක්වු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකී. අනුරාධපුරය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
රාගම පොලිස් ස්ථානය මගින් හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව (27) රාගම පොලිස් වසමේ කපුවැව අසලදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක්වු පොල්හේන, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව (27) දහවල් කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ කැලණිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය 10 මිලිග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක්වු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවක්වු අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගිරිබාව පොලිස් ස්ථානය මගින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව (27) උදෑසන කාලයේ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ගිරිබාව පොලිස් වසමේ තම්මැන්නාව වෙල්යායකදි වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68ක්වන තම්මැන්නාව, තඹුත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකී. ගිරිබාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මීගහතැන්න පොලිස් ස්ථානය මගින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව (27) දහවල් කාලයේ මීගහතැන්න පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මීගහතැන්න පොලිස් වසමේ නාවලකන්ද ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන ජීව පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව (27) දහවල් කාලයේ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පිළියන්දල පොලිස් වසමේ ගැටඹුවාන,පිළියන්දල ප්‍රදේශයේදී පදිංචිකරුවකි. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.