අපේ ජනබල පක්ෂයේ සභාපති සමන්පෙරේරා ඇතුළු පස් දෙනා ඝාතනය කිරීමට අනුබල ලබාදුන් යැයි කියන කාන්තාවන් දෙදනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ (29) හක්මන පොලිසිය මගින් රත්ගම සිදුකළ මෙහෙයුමකදී.ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන හයකී. මෙම ඝාතනය සිදුවුයේ ඉකුත් (22)ය. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23 හා 33 වියේ පසුවන අයවෙති. මෙම එක් සැකකාරියකට අයත් යතුරු පැදියකින් ඝාතනයෙන් පසු ඊට යොදාගත් අවි ප්‍රවාහනය කර තිබෙන බවට මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.