විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග විශේෂ කාර් ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ‘යුක්තිය ‘මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති උප කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පි. සරත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31 ) රත්ගම පොලිස් වසමේ පට්ටිදොර, බුස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දැනට විදේශගතව සිටින අම්බලන්ගොඩ සමන්කොලුවා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාගේ සමීපතමයෙකු වන බුස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක “රන් පැට්ටා” නමි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 510 ක් සහ Pregabalin මත්පෙති 16 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩි දුරටත් තොරතුරු විමසීමේදී මෙම සැකකරු යුද්ධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණුව හදාරා පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.
තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ අණාදන නිලධාරී පොලිස් පරික්ෂක එම්.පි.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කැප්පෙටිපොළ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (31) වන කැප්පෙටිපොළ පොලිස් වසමේ ඉල්ලියාස් හාඩ්වෙයාර්, බොරගස් යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කිරීම, අනවසරයෙන් පළිබෝධනාශක ගබඩා කිරීම හා අලෙවියට සුදානම් කර තැබීම යන වරද සම්බන්ධයෙන් බොරගස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක් වන පුද්ගලයකු ග්ලයිපොසෙට් කිලෝ 07, ග්‍රෑම් 450 ක් සහ ප්‍රින්ටොනිල් (කුරේටර්) ග්‍රෑම් 715 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මව්ආර රක්ෂිතයේ ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් හට කිරින්ද නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් උඩවලව ක.අ.නි. පී.ආර්.එස් නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) හම්බේගමුව පොලිස් වසමේ කෝංගහමඩකන්ද, මව්ආර රක්ෂිතයේ අලුත් වැව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉතා සූක්ෂම ලෙස වගාකර තිබු ගංජා ගස් 6,226 ක්,සහිත ගංජා හේනක් සමග වයස අවු; 44ක් වු වීරව්ල, නවනගරය පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩි 09යි අඟල් 02ක් වන ගංජා ගස් 10 ක් සමඟ එම පුද්ගලයා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.
උඩවලව විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව ම මෙම ගංජාවගාන් සම්බන්ධ වැටලීමි සිදුකරටගන යනු ලබන අතර නවීන ඩ්‍රොන තාක්ෂණය ද ඒ සදහා භාවිතා කරනු ලබයි.