29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට...

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීවවිශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ පොලිස් පරික්ෂක ඩබ්.එම්.ඩී. සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) වනපුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ තේරාවිල් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 ක් සන්තකයේ තබාගෙන සිටි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බලපත්‍ර‍ නොමැතිව නීති විරෝධීව රුපියල් කෝටි 10 කට අධික ප්‍රීගැබ් (PREGAB) 150 mg වර්ගයේ මත් කරල් තොගයක් ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

එම කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) එඬේරමුල්ල පොලිස් වසමේ අංක 25, අප්පුගේවත්ත, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතා කරනු ලබන දැනට වෙලදපොල වටිනාකම රුපියල් කෝටි 10 කට අධික ප්‍රීගැබ් (PREGAB) 150 mg වර්ගයේ මත් කරල් 192,000 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments