25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅර්බුද ජය ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි  -  ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

අර්බුද ජය ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි  –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය  විවෘත කරමින් පවසයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් (07) විවෘත කෙරිණි.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා පෙ.ව. 10.30 ට පමණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවිය.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කරමින් ජනාධිපතිවරයා, අර්බුද ජය ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්ම බව  අවධාරණය කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ජනධිපතිවරයා;

අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ. ක‍්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක‍්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ. යන්න පැවසුවේය. එමෙන්ම 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ පෙබරවාරි මාසය වන විට රට  වඩා යහපත් මට්ටමකට  ගොඩ නැංවී තිබෙන  බවද  ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කරමින් සඳහන් කළේය. තවද ලෝකයේත්, රටවලත්, පුද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාව  කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ එම මැතිණියගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු වූ විය. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුව‍යි.

එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර  මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි  පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබිණි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීම සිදුවිය.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා  පෙ.ව. 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම් මණ්ඩලය  යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments