26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්2024 ඔක්ස්ෆර්ඩ් ජනාධිපති කුසලාන අභියෝගතා කුසලානය 3-18 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී

2024 ඔක්ස්ෆර්ඩ් ජනාධිපති කුසලාන අභියෝගතා කුසලානය 3-18 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී

තරග පෙබරවාරි 3 වැනි දින  සිට 18 වැනි දින දක්වා  සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය මාර්තු 10 වැනිදා කොළඹ 7, තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

තරගාවලිය සම්බන්දයෙන් පැවති  මාධ්‍ය හමුව පසුගියදා කොළඹ පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී

ප්‍රධාන අනුග්‍රාහකයා වන ඔක්ස්ෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වන ඉමිතියාස් ෆාරුක් සහ හිෆාස් ෆාරුක් මහත්වරුන් විසින් අනුග්‍රහය හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ විදුහල්පති එම්.ආර්.එම්. රිස්කි මහතා වෙත ප්‍රදාහනය කළහ.

ආනන්ද විද්‍යාලය, ද මැසනොද් විද්‍යාලය, අලිගාර් මධ්‍ය විද්‍යාලය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ශාන්ත මේරිස් විද්‍යාලය, මාරිස්ටෙලා විද්‍යාලය, හමීඩ් අල් හුසේනි විද්‍යාලය, බදුරිය මධ්‍ය විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ගේට්වේ විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ශාන්ත. තෝමස් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, අල් මුබාරක් විද්‍යාලය, දරුස්සලාම් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ධර්මදූත විද්‍යාලය, අල් හිලාල් මධ්‍ය විද්‍යාලය සහ අල් හුමයිසාරා විද්‍යාලය මෙම තරඟාවලියට සහභාගී වේ.

80 කණ්ඩායමේ සභාපති ෆයිසාල් බුහාරි, ලේකම් ෆස්මින් ෆායිස් සහ තරඟාවලි කමිටු සභාපති මුජීබ්දීන් රහ්මාන් යන මහත්වරුන්ස මෙම අවස්ථාවට හභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments