22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට

මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව (13) මන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හැත්තෑ දෙකක (1472) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානය මඟින් ලබාදුන් තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී  ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, 2024 පෙබරවාරි මස 13 වන දින මන්නාරම සහ උප්පුකුලම් ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, මන්නාරම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක්කර එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) විස්සක (20) ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයා ගෙන් අනාවරණය වූ තොරතුරු මත මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකල වැඩිදුර පරික්‍ෂාවේදී නිවසක් තුළ තිබී මත්පෙති (Pregabalin Capsules) එක් දහස් හාරසිය තිස් දෙකක (1432) තොගයක් සහ ත්‍රීරෝද රථයක් තුළ තිබි මත්පෙති (Pregabalin Capsules) විස්සක (20) ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙකු (01) ‍ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ක් සහ 29 ක් වන සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), මත්පෙති තොගය සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments