කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීමේ ප්‍රමාදය විසඳීමට මුදල් අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපත්ති අධ්යයක්ෂ ජනරාල් කැඳවයි: කැසිනෝ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය කමිටුව අවධාරණය කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීට ආචාර් ය හර් ෂ ද සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට අදාළව (13) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාරම්භක රැස්වීමේදී නිවේදනය කළේය.
නැවත්වූ තැන සිට කටයුතු නැවත ආරම්භ කරමින් සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත පිළිබඳව ද සාකච්ඡා කෙරේ
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කළ පරිදි කැසිනෝ සදහා නියාමන ආයතනයක් පිහිටුවීමේ සැලකිය යුතු ප්ර මාදය පිළිබඳව විමසීම සදහා මුදල් අමාත්යාංමශයේ මූල්යය ප්රනතිපත්ති අධ්ය ක්ෂ ජනරාල්වරයා කාරක සභාවට කැඳවන ලදී. 2023 දෙසැම්බර් 31 වන විට මෙම නියාමන ආයතනයක් පිහිටුවීම සදහා පියවර ගන්නා බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට එකඟත්වය පළ කර තිබුන ද තවදුරටත් සිදු වන ප්රරමාදය පිළිබඳ විමර්ශනය කරන ලදී. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම අහිමි වූ බිලියන ගණනක ආදායම නැවත ලබා ගැනීමට මෙම නියාමන ආයතනයක වැදගත්කම අවධාරණය කරමින් කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්නේ මේ සදහා කඩිනමින් පියවර ගත යුතු බවයි. රෙගුලාසි ප්රකමාණවත් නොවීම හේතුවෙන් රජයට සැලකිය යුතු අලාභයක් සිදුවන බව ඔවුහු අවධාරණය කළහ. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ සිංගප්පූරුවට සමාන ශක්තිමත් ආදායම් ආකෘතියක් ගොඩනැගීම සඳහා අමතර විශේෂඥතාවක් අවශ්ය් බවයි.
බදු මුදල් ඇතුළුව භෞතිකව හා මාර්ගගතව පවත්වාගෙන යන කැසිනෝ පිළිබඳ විස්තර සපයන ලෙස කමිටුව අධ්යවක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර හිඟ බදු අයකර ගැනීමට යෝජිත සැලැස්මක් ද සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. මේ අනුව 2024 මාර්තු 31 වනදා වන විට මීට අදාළ නීති සම්පාදනය අවසන් කරන ලෙස ද කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.
පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත සදහා ද කාරක සභාවේ අනුමතිය මෙහිදී හිමිවිය. මෙම පනත මගින් චංචල දේපල සම්බන්ධ ගනුදෙනු සුරක්ෂිත කිරීම, ණය හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්රතමුඛත්වය ලබා දීම සඳහා පැහැදිලි නීති රීති ස්ථාපිත කිරීම සිදුවේ. මෙම ක්රිසයාවලිය විධිමත් කිරීම සහ කුඩා හා මධ්යa පරිමාණ ව්යිවසායකයින්ට වර්ධනය සඳහා වඩා හොඳ ණය ප්රනවේශයක් ලබා දීම අරමුණු කරගනිමින්, ලියාපදිංචිය සහ අයිතීන් අධීක්ෂාණය කිරීම සඳහා ආරක්ෂිේත ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරියක් පිහිටුවීම සිදුවේ. ව්යා්පාර සංවර්ධනයට ණය ලබා ගැනීම සඳහා ඇපකරයක් ලෙස ගෘහ උපකරණ හෝ ව්යා පාරික උපකරණ වැනි චංචල වත්කම් භාවිතා කිරීමට මෙම ව්යීවස්ථාව මඟින් පුද්ගලයන්ට හැකියාව ලැබේ. එය කුඩා හා මධ්ය පරිමාණ ව්යගවසායකයින් සඳහා වැඩි ණය ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරන අතරම, ලියාපදිංචි අධිකාරිය හරහා ගනුදෙනුවල අඛණ්ඩතාව සහතික කරමින්, වංචනික ක්රිවයාකාරකම් වළක්වා ගැනීම සිදුවේ.
2008 අංක 14 දරන උපාය මාර්ගික සංවර්ධන ව්යාපෘති පනත යටතේ 3 වැනි වගන්තියේ (4) උපවගන්තිය යටතේ නියෝගය සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි සදහා ද කාරක සභාවේ අනුමතිය මෙහිදී හිමිවිය.
