අපි හෝටලය හදන්න පටන් අරගෙන අවුරුදු පහක් විතර වුණා පරිසර හානි අවම කරගෙන අපි මේ හෝටලේ ඉදිකිරීමේ අවසාන තැනට ඇවිල්ලා තිබෙනවා.
හෝටලේ හදලා තියෙන පසුබිම ගැන කතා කළොත් මේ හෝටලය සම්පූර්ණ මැටි කපලා අක්කර දෙසීයක් 250ක් විතර මැටි කපපු ප්‍රදේශයක තමයි භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් අපි තෝරා ගත්තේ අපි අක්කර 45 ක් පමණ අරගෙන තිබෙනවා අපි භූමි පුනරුත්ථාපනය කියන වැඩසටහන යටතේ අපි මෙයට කළ හැකි හොඳම දේ තමයි කරලා තියෙන්නේ පාවෙන හෝටලයක් හදන්න අරගෙන ඒකට ඕන කරන වටපිටාවේ තිබෙන වටපිටාව සම්පූර්ණයෙන් කරලා
මාර්තු පලවෙනිදා අපි මේ හෝටලය විවෘත කරනවා
අපි අවුරුදු පහක් තිස්සේ රජය ආයතන පුද්ගලික ආයතනවල සම්බන්ධීකරණය යටතේ ලොකු වෙහෙසක් දරලා මේ තත්ත්වයට ගෙනාවේ
මෙහි ආයෝජකය ප්‍රමාණයක් ඉන්නවා දේශීය ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය පවා දේශියව අරගත්තේ අලුත් කන්සෙප්ට් එකක් අපි ඇතිකලේ.
දකුණු ආසියාවේ කොහෙවත් නැති කන්සෙප්ට් එකක් අපි හැදුවා පාවෙන ග්‍රීන්හවුස් පාවෙන කාමර කබාන පාවෙන සොමින් පූල් පාවෙන රෙස්ටුරන්ට් අපි හැදුවා අපිට මේ වගේ වැඩක් කරන්න බැහැයි කියලයි කට්ටිය කිව්වේ අපි එවුනට හැදුවා කොරෝනා ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්න එක්ක පොඩ්ඩක් පස්සට ගියා නමුත් අපි මේක පටන් ගන්න තැනට ආවා. හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන් සංචාරකයකුට උපරිම සතුටු වෙන්න පුළුවන් අත්දැකීම් ගොඩක් ලබන්න පුළුවන් විදියට අපි හැදුවා ඒකෙ ප්‍රධාන දෙයක් තමයි greenhouse. ඒ ආකාරයට අපිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයෙන් අපිට ලොකු ආධාරයක් ලබා දුන්නා ලෝක බැංකුවත් එක්ක සම්බන්ධ වුණු ආධාරයක් ලැබුණා පාවෙන කබාන සාමාන්‍ය හෝටලයකට ගියහම විදින්න බැරි පහසුකම් සමග අපි මේ පාවෙන කබාන නිර්මාණය කළා පාවෙන පූල් එක සෙනඟ පනහක් විතර වුණත් පාවෙන පූල් එකට යූස් කරන්න පුළුවන් විදියට අපි තාක්ෂණ යොදාගත්තේ පාවෙන රෙස්ටරන්ට් එකත් ඒ විදිහයි.
කොහෙන්වත් ලබාගන්න බැරි අත්දැකීම් සමුදායක් දේශීය විදේශීය සංචාරකයින්ට දෙන්න පුළුවන් විදියට අපි මේක නිර්මාණය කළා. floating greenhouse එක හදපු එකේ ප්‍රධාන අරමුණ තමයි සංචාරකයන්ට මේ හෝටලය හදන කෑම වලින් සියයට අනූවක්ම පළතුරු එළවළු මේ හෝටලේම දෙන එක තමා අපේ ප්‍රධාන අරමුණ සංචාරකයන්ට යන්න පුළුවන් ග්‍රීන් හවුස් එකට ගිහිල්ලා එළවළු සංචාරකයින්ටම කඩාගන්න පුළුවන් ඉන්පසු ඔහුටම ඒක හදාගන්න අවස්ථාව තියෙනවා
රස්නෙ ප්‍රදේශයක් උනාට නුවර ලිය වැවෙන පැළ වර්ගත් අපි හදලා තියෙනවා. විශේෂයෙන් තේ වගේ දේවලුත් හදලා තිබෙනවා. තේ පැල.
හෝටල් එක පටන් ගැනීමේ ප්‍රධාන අරමුණ ගමක් ඇතුළට අපි ඇවිල්ලා තියෙන්නේ ගමේ තිබෙන දේවල් නැති කරගෙන සංචාරකයින්ට යමක් දීලා වැඩකුත් නෑ
අක්කර දහතුනක පාවෙන තබාන වලට අමතරව අක්කර 18ක තවත් ගමක් තියෙනවා ගම ඇතුලේ සිදුවෙන සම්පූර්ණ ක්‍රියාවලිය මෙතන අපි කිසිම රඟපෑමක් නැතුව එදා ඒ වෙලාවේ ඒ වෙද්දියටම වැඩ කටයුතු වෙන එක ගේස්ට දකින්න පුළුවන්.
සෘජු රැකියා අවස්ථා හතළිහක් විතර ලබාදීලා තියෙනවා. වක්‍ර රැකියා අවස්ථා දෙසීයක් විතර අපි බිහි කරලා තිබෙනවා.
දේශීය සටන් කලාව ශාන්ති කර්ම වගේ දේවලුත් අපි නිරූපණය කරනවා.
පරිසරයක් නැති උන පරිසරයකට ඇවිල්ල අපි මේ හෝටලය හදලා තියෙන්නේ මේ වගේ කැනීම් කරපු තැනක් පැත්තකින්වත් යන්නෙ නෑ මිනිස්සු සාමාන්‍යයෙන් අපි ඒ උනාට මේ නිර්මාණය කළා අපි බොහෝ ගස්කොළන් වවල තිබෙනවා. ඒ නිසා කුරුල්ලෝ සත්තු ගොඩක් මේ තැනට දැන් පැමිණෙමින් පවතිනවා.

