26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්‘ෆ්‍රීඩා කොරයා සම්මාන උළෙල 2023‘ මගින් මෙරට දිරිමත් ව්‍යවසායක කාන්තාවෝ ඇගයීමක්...

‘ෆ්‍රීඩා කොරයා සම්මාන උළෙල 2023‘ මගින් මෙරට දිරිමත් ව්‍යවසායක කාන්තාවෝ ඇගයීමක්…

ගාමිණි කොරයා පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ෆ්‍රීඩා කොරයා සම්මාන උළෙල ‘(15) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සුනෙත්‍රා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සහභාගිවූවාය.

අභාවප්‍රාප්ත දේශමාන්‍ය ආචාර්ය ගාමිණි කොරයා මහතා වසර 2000දී මෙම පදනම පිහිටුවා තිබෙන අතර එහිදි ඒ මහතා දැක්ම වී ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් සහිතව ගෝලීය සංවර්ධනය සඳහාවු ස්වකීය ළැදියාව පෙරදැරි කරගත් පර්යේෂණ ආයතනයක් බිහි කිරීමය.

ඇගයීමට ලක්වු පත්තර මහා ගෙදර මාධ්‍ය වේදිණියෝ

ෆ්‍රීඩා කොරයා සම්මාන -2023 සමකාලීන දිරිය කාන්තාවෝ තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ආචාර්ය ගාමිණි කොරයාගේ දිවංගත මෑණියන් සිහිපත් කරමින් ය. සමකාලින දිරිය කාන්තාවන්ගේ කතා පුවත් අපෙක්ෂා සහගත සෙසු කාන්තාවන් සමග බෙදාහදා ගැනීම වෙනවෙන් වාර්ෂිකව පැවැත්වීමට අපෙක්ෂිතය . දැවැන්ත අභියෝග සහ බාධක ජය ගත් ශ්‍රී ලාංකික කාන්තවන්ගේ උත්සහය ඇගයීමට ගාමිණි කොරයා පදනම මගින් නිර්ණායක ත්‍රිත්වයක් මත මෙම කාන්තාවන් සම්මාන ලබාදීමට සඳහා තෝරාගෙන තිබේ. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සමාජීය තත්ත්වය නංවාලීම, රටේ ආර්ථික සංවර්ධනයට දායකවීම, දේශීය හා විදේශීය වශයෙන් පිළිගැනීමක් අත් කර ගැනීමයි. මෙහිදි රටපුරා විසිර සිටින මෙවන් දිරිය කාන්තාවන් සොයාගොස් ඒ පිළිබඳ හඳුන්වාදීම සිදුකළ මාධ්‍යවේදීන්ට අගයමින් සම්මාන ලබාදීමක්ද මෙහිදි සිදුකෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments