29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ වසරේ පළමු මාස 2ට සාත්තු සේවකයින් 236ක් ඊශ්‍රායලයට,කෘෂි රැකියා සඳහා අවස්ථා...

මේ වසරේ පළමු මාස 2ට සාත්තු සේවකයින් 236ක් ඊශ්‍රායලයට,කෘෂි රැකියා සඳහා අවස්ථා 602ක්…

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 149 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදි අද දින (2/19) සිදුවිය.

මෙහිදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 54 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලද අතර, ඊට කාන්තාවන් 49 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු අයත් වේ. මෙම පිරිස එළැඹෙන 21 හා 22 දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර, ඒ පිරිසත් සමගින් 2024 වසරේ ගතවු කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව තිබේ.

මේ අතර, ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තරුණයින් 95 දෙනෙකු සඳහාද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දින ගුවන් ටිකට්පත් පිරිනමන ලදී.

ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 602 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබෙන අතර, සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් 1070ක්ද ශ්‍රි ලාංකිකයින්ට හිමිවී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments