දුමින්ද ගුරුගේ
රජයේ නව බදු ප්‍රතිපත්තිට අනුව රළු මැණික් සදහා වටිනාකමට අනුව බදු අය කිරීම හේතුවෙන් මෙරට මැණික් කර්මාන්තය ශීඝ්‍ර කඩා වැටීමකට ලක්වී ඇති බව අනාවරණය වේ.
මේ වන විට මැණික් කර්මාන්තයෙන් ලැබූ ආදායම 60%කින් පමණ අඩු වී ඇතැයි එම ආරංචිමාර්ග සදහන් කරයි.
මැඩගස්කරය,ටැන්සානියාව වැනි රටවලින් මෙරටට රළු මැණික් ගෙනැවිත් ඒවා කපා ඔප දමා අගය එකතුකර චීනය ,ජපානය ,ඩුබායි වැනි රටවලට අපනයනය කිරීමෙන් මෙරටට විශාල අදායමක් හිමි විය.
මෙලෙස රළු මැණික් මෙරටට ගෙන ඒමේදී මෙතෙක් රේගු ගාස්තු වශයෙන් අය කළ ඇමෙරිකානු ඩොලර් 200 මුදල වෙනුවට එක් එක් මැණික් ගලෙහි වටිනාකම තක්සේරු කර ඒ අනුව බදු අය කිරීම නිසා මෙව් ගැටලුව හටගෙන තිබේ.
මේ හේතුව නිසා අපේ මැණික් වෙළෙඳ පොළ තායිලන්තය,චිනය,ඩුබායි වැනි රටවල් කරා ඇදී යමින් පවතී.
අපේ මැණික් අප්‍රිකානු කළාපයේ මැණික්වලට ඉතා සමානත්වක් දැක්වීම නිසා මෙතෙක් කල් මැඩගස්කරය,ටැන්සානියාව,වැනි රටවලින් රළු මැණික් ගෙනැවිත් කපා ඔප දමා වටිනාකමක් එක්කර විදේශීය වෙළෙඳ පොළට යැවීමෙන් වාර්ශිකව ඩොලර් මිලියන ගනණක ආදායමක් මෙරටට ලබා ගැනීමට හැකි විය.රළු මැණික් සදහා මෙතෙක් අය කළ ඩොලර් 200 යම් ප්‍රමාණයකින් ඉහළ දමනවාට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් මැණික් ගලක් කපා ඔප දැමීමට පෙර එහි වටිනස්කම තක්සේරු කර ඒ තක්සේරු වටිනාකමට බදු අය කිරීම ඉතා අසාධාරණ බව මැණික් ව්‍යාපාරිකයෝ පවසති.මැණිකක් ඔප දැමීමට පෙර තක්සේරු වටිනාකමක් ලබා දීම ප්‍රායෝගික නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගැටළුව පිළිබඳව මැණික් හා ස්වණාභරණ අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කළද මෙතෙක් එම ප්‍රශ්නයට සාධාරණ විසදුමක් නොලැබුණු බව ද ඔවුහු පවසති.
ව්ශය භාර ඇමතිවටයා සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් ඉතා සධාරණ ලෙස බැලුවද මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් ඉතා දැඩි මතයක සිටීම නිසා අපේ රටේ මැණික් කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වක් උදා වී ඇතැයි ඔවුහු පවසති.
අපේ මැණික් කැපුම්කරුවන්ද විදේශයන්ට ඇදී යාමට පටන්ගෙන ඇති අතර විදේශයන්හි මැණික් කපා ඔප දමන්නන්ට හොඳ වැටුපක් හිමිවීම නිසා මේ ත්ත්ත්වය තවත් උඝ්‍ර වී ඇත.මේ ගැටලුව නිසා මැණික් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ දහයක පමණ ජනතාව අසරණ වී ඇති බැවින් මේ පිළිබඳව ජනාධිපතිවරයා ගේ සහ රජයේ අවධානය වහා යොමු විය යුතු බව ද ඔවුහු පවසති.