තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ගෙන්වනු ලැබු විශාල දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එන්.ඩි. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) ඇහැලියගොඩ පොලිස් වසමේ කුඩාගම, තලාවිටවත්ත ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී තීරුබදු රහිතව නිති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ සිගරට් 5,400 ක් සමඟ වයස අවුරුදු 48 ක ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවිය ට සුදානමින් සන්තකයේ තබාගෙන සිටි හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.එන්. ප්‍රේමකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) හිගුරක්ගොඩ පොලිස් වසමේ හිගුරක්ගොඩ නගරයේ දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671 ක් අලෙවි කරමින් සිටි සමඟ වයස අවුරුදු 25 ක හිතුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා හිගුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
