ජාතිකතොරතුරුහාසන්නිවේදනතාක්ෂණවිසඳුම්සම්පාදකවන SLT-MOBITEL,පසුගියදා දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (South Asian Federation of Accountants’ – SAFA) මගින්පිරිනමනු ලැබු ‘විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රිදීසම්මානය,Sri Lanka Telecom PLC මගින්2022වසරේ ප්‍රකාශයට පත්කළ මූල්‍යවාර්තාවට හිමිකර ගෙන තිබේ.
මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ගාසියාබාද් හිදීඋත්කර්ෂවත් අන්දමින්පැවති අතර,SLT හිගණකාධිකාරිනී(මූල්‍යගිණුම්කරණසහව්‍යවස්ථාපිත) ශවීන්ද්‍රි ප්‍රනාන්දු සහ සහකාර කළමනාකාරිනී (මහජනසම්බන්ධතා) නිල්මිණිවිජේසිංහයනමහත්මීහුSLT නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගීවූහ.
දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක ප්‍රකාශයටපත් වූ වාර්ෂික වාර්තා මෙම සම්මාන සඳහා සැලකිල්ලට ගන්නා ලදඅතර, ඒඅතරින් ඒකාබද්ධ වාර්තාකරණය, විනිවිදභාවය, වගවීම, ඉහළම තලයේ ආයතනික පාලන අනාවරණය සහ සමස්තයක් ලෙස ඉදිරිපත් කිරීමේ ගුණාත්මක භාවය යනසාධක වෙනුවෙන් SLT වාර්ෂික වාර්තාව විශේෂ ඇගයීමකට ලක්විය.
SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards සහ SAARC Anniversary Awards for Corporate Governance Disclosure 2022 යන සම්මාන උළෙලවල් සඳහා සත්කාරකත්වය ලබාදෙන ලද්දේ ඉන්දියාවේ වරලත් ගණකාධිකාරී ආයතනය මගිනි. ආයතනික වාර්තාකරණයේ සහ ආයතනික පාලන අනාවරණයේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරන අතරම මෙම සම්මාන උළෙලවල් මගින්, සාක්කලාපයතුළ නිසිකලට සහ පාර්ශ්වකරුවන්ට පහසුවෙන් පරිශීලනය කළ හැකිවන ආකාරයට තොරතුරු අනාවරණය කිරීම ඇගයීමට ලක්කරනලදි.
ආයතනයක් සම්බන්ධ වැදගත් තොරතුරු පැහැදිලි ලෙස පාර්ශ්වකරුවන්වෙත සන්නිවේදනය කිරීම සඳහා ඒකාබද්ධ වාර්ෂික වාර්තාමගින් කේන්ද්‍රීයකාර්යභාරයක් ඉටුවන බව SLT-MOBITEL විශ්වාසකරයි. මෙමසම්මානය, විශිෂ්ටතමක්‍රමවේද භාවිතා කරමින් පැහැදිලි ලෙස හා ඉහළම ප්‍රමිතියකින් යුතුව එබඳු වාර්ෂික වාර්තා පිළියෙල කර ප්‍රකාශයට පත්කිරීම සඳහාSLT-MOBITEL දක්වන කැපවීමට මනා සාක්ෂියකි.