මුලතිව්, තන්නිමුරුප්පු කුරින්දි සිරිසඟබෝ විහාර (කුරුන්දන්මලේ විහාරයේ) භූමියේ පොළොව යට තිබූ ආරාමයකට කරන ලද ප්‍රදානයක් සම්බන්ධ ශිලා ලිපියක කොටසක් වව්නියාව සහ මුලතිව් පුරාවිද්‍යා නිලධාරීන් විසින් පෙරේදා (09 වැනිදා) සොයාගෙන ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු ඒ පිළිබඳ මෙසේ පැවැසීය.
“මෙම සෙල් ලිපියේ කොටසක් මීට පෙර හඳුනාගෙන තිබුණා. මෙම සෙල් ලිපිය පොළොවට යටවෙලා තිබුණේ. එය මතුකරගෙන එහි පිටපත් අපි ලබාගත්තා. මෙය 9-10 සියවස්වලට අයිති ලිපියක්. අභාසල මෙවන් නැමැති රජුගේ හතරවැනි රාජ්‍ය වර්ෂයේදී මෙම සෙල් ලිපිය කළ බවයි දැක්වෙන්නේ. එම සෙල් ලිපියේ තවත් කොටස් කිහිපයක් තමයි මෙලෙස හමුවී තිබෙන්නේ. එහි පේළි ගණනත් වැඩියි .අලුතින් පේළි 10 ක් විතර දැක්වෙනවා.රජුගේ රාජ්‍යත්වයෙන් හතරවැනි වර්ෂයේදී ආරාමයට කරන ලද ප්‍රදානයක් සම්බන්ධවයි එම සෙල් ලිපියේ සඳහන්කර තිබෙන්නේ. ඉඩම අභයභූමියක් ලෙස නිදහස් කර තිබෙන බවත් එහි දැක්වෙනවා.