22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2/3න් අයවැය සම්මතයි

2/3න් අයවැය සම්මතයි

වත්මන් රජයේ මංගල අයවැය ලේඛනය තුනෙන් දෙකක ඡන්දයක් ලබමින් ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අය වැයට පක්ෂව ජන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 54ක් හිමි විය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය අයවැයට විරුද්ධව ජන්දය දුන්නේය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජන්දය භාවිත කරන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දසදෙනාද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු 17 දෙනක් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබෙහි නොසිටියහ. සිරදඬුවම් ලැබ සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.

පළමුව විද්‍යුත් ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වූවත් තාක්ෂණික දෝෂයක් මත එය අතර මග නතර කෙරිණි. ඉන් පසු මන්ත්‍රීවරු පෙළින් පෙළට සිය අසුන්වලින් නැගිට ඡන්දය පාවිච්චි කළහ.

මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නොවැම්බර් 17 වැනිදාය. 2021 වසරේ සමස්ත වියදම සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාවේ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබුණි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වූ අතර දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය. අය වැය දෙවන වර කියවීමට පක්ෂව ජන්ද 151 ලැබුණූ අතර, විරුද්ධව ජන්ද 52 ක් හිමි විය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට ඊයේ (10 වැනිදා) දක්වා පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments