26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රි ලාංකිකයින් 19,620ක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ නීතිවිරෝධිව රැදි සිටි. පැමිණීමට...

ශ්‍රි ලාංකිකයින් 19,620ක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ නීතිවිරෝධිව රැදි සිටි. පැමිණීමට සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ නීති විරෝධි අයුරින් රැදි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ. මෙම පොදු සමා කාලය ඉකුත්(17) සිට ආරම්භ වූ අතර, එය ජූනි මස 17 දක්වා මාස 3 ක කාලයක් ක්‍රියාත්මක වේ.

මේ වන විට 19,620 ක ශ්‍රි ලාංකිකයින් පිරිසක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ නීතිවිරෝධිව රැදි සිටින බව තානාපති කාර්යාල වාර්තා සඳහන් කරයි. කිසියම් පුද්ගලයෙකු මෙම කාලය තුල එරටින් පිටව යන්නේ නම් දඩ මුදල් අය කිරීමකින් තොරව බැහැරවීමට අවස්ථාව හිමිවන අතර, නැවත කුවේට් රාජ්‍යය වෙත නීත්‍යානුකූලව ඇතුළුවීමටද අවස්ථාව සැලසේ.

මෙම කාල සීමාව තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ ඉකුත්(14 )දිනට පෙර සේවය කළ ස්ථානයෙන් පලා ගිය බවට හාම්පුතා විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පැමිණිල්ලක් ගොනුකර ඇති පුද්ගලයින්ට හෝ ඉකුත්(14 ) තෙක් වීසා නොමැතිව කුවේටයේ රැදි සිටි පුද්ගලයින්ට පමණි. මෙම චෝදනාවන්ට අමතරව අදාල තැනැත්තාට එරෙහිව පොලිස් ස්ථානයන්හි හෝ අධිකරණයේ වෙනත් කිසිඳු චෝදනාවක් හෝ පැමිණිල්ලක් ඇති පුද්ගලයින්ට මෙම පොදු සමාකාලය භාවිතා කරමින් කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවස්ථාව හිමි නොවේ.

නීති විරෝධිව කුවේට් රාජ්‍යයේ රැදි සිටින පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව කුවේටයේ රැඳි සිටීමට අපේක්ෂා කරන්නේ නම්, කුවේට් රාජ්‍යය විසින් නියම කරනු ලබන දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව වලංගු වීසා බලපත්‍ර ලබාගෙන එරට රැඳි සිටීමට අවස්ථාව සැලසේ.

නීති විරෝධි අයුරින් කුවේටයේ රැඳි සිටින පුද්ගලයින්ට එරටින් බැහැරවීම සඳහා මෙම අවස්ථාව මහගු අවස්ථාවක් වන බැවින් තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු නීති විරෝධි අයුරින් කුවේට් රාජ්‍යයේ රැඳි සිටින්නේ නම්, මේ පිළිබඳව දැනුවත් කර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments