25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ මාසයේ පමණක් ශ්‍රීලාංකිකයින් 1064ක් ඊශ්‍රායලයේ රැකියාවලට...

මේ මාසයේ පමණක් ශ්‍රීලාංකිකයින් 1064ක් ඊශ්‍රායලයේ රැකියාවලට…

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙම වසරේ මාර් තු මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රමිකයින් 83 දෙනෙකු සඳහා අද දින (3/27) ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලද අතර, ඊට කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂිත තරුණයින් 54 දෙනෙකු හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින් 29 දෙනෙකු අයත් වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායල් රජයේ නිළධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර මහතා ඉල්ලා සිටියි.එසේ මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments