අදට යෙදී ඇති පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව දිවයින පුරා කිතුණු දේවස්ථාන 1,873ක් ආවරණය වන පරිදි ආරක්ෂව සඳහා පොලිස් නිලධාරීන් 6,522ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746ක් යොදවා ඇති බව සඳහන්.