29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්කරල්,සිගරැට් හා අවිආයුධ එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්කරල්,සිගරැට් හා අවිආයුධ එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි

යාපනය තලෛයිමන්නාරම දී නීති විරෝධී Pregabalin මත්කරල් විශාල ප්‍රමාණයක් යතුරුපැදියකින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කර් ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.03 වන දින තලෛ මන්නාරම පොලිස් වසමේ මන්නාරම මාර්ගයේ කට්ටුකාරන් කුඩුඉරිප්පු හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී Pregabalin මත්කරල් 1,000 ක් ආලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් සිටි තලෛ මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෛ මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් තියුණු කඩු ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැගව සිටි පුද්ගලයෙකු කොස්ගමදී පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) කොස්ගොඩ පොලිස් වසමේ වෙලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ නිවසක දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් තියුණු කඩු දෙකක් සන්තකයේ තබාගෙන සැගව සිටි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

නීති විරෝධී ලෙස විදේශීය රටක සිට මෙරටට ගෙන්වූ MANCHESTER වර්ගයේ දුම්වැටි විශාල ප්‍රමාණයක් ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජි.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) මාලිගාවත්ත පොලිස් වසමේ ඉක්බාල් මාවත, කොළඹ 10 මාර්ගයේ, ඉස්ලාමීය සෙන්ට්‍ර‍ල් මුස්ලිම් පල්ලිය අසල දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී නීති විරෝධී ලෙස විදේශීය රටක සිට මෙරටට ගෙන්වූ MANCHESTER වර්ගයේ දුම්වැටි 15,000 ක් ජාවාරම් කිරීම සඳහා යතුරුපැදියක් මගින් ප්‍රවාහණය කරමින් සිටි කොළඹ 13, මහ විද්‍යාලය මාවත පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments