26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsනිවසක් තුල ඉතා සූක්ෂමව හොර රහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කූඨ ලේඛණගාරයක්...

නිවසක් තුල ඉතා සූක්ෂමව හොර රහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කූඨ ලේඛණගාරයක් සමග සැකකරුවකු කාත්තන්කුඩි පොලිස් වසමේදී එස්.‌ටී.එෆ්. අත්අඩංගුවට.

කාත්තන්කුඩි පොලිස් වසමේ නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක් තුල ඉතා සූක්ෂමව හොර රහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කූඨ ලේඛණගාරයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී වෑවිටවිදාන මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කදවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.එල්. ක්‍රිෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) කාත්තන්කුඩි පොලිස් වසමේ 243/106 දරිසනමි පාර, නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත ඇත.
එහි දී තම නිවස තුල කූඨ ලේඛණ සකස්කර ලග තබාගෙන සිටි නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු එම කූඨ ලේඛණ සැකසිමට යොදා ගන්නා ලද භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස හොර රහසේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වනු ලැබු බීඩි කොළ ගබඩාවක් කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා පුත්තලම සුරාබදු ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (05) කල්පිටිය පොලිස් වසමේ කුරිඥ්ඥං පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ තීරු බදු නොගෙවා ගෙන්වන ලද බීඩි කොළ (තෙන්දු කොළ) තොගයක් කුරිඥ්ඥං පිටිය ප්‍රදේශයේ දී මාළු තොටුපලක වාඩියක් තුල සඟවා තිබීියදී වටලා සැකකරුවන් නොමැතිව බීඩි කොළ තොගය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම සුරාබදු ඒකකය වෙත භාර දී ඇත.‍
පොලිස් විශේෂ කාර්ය බලකාය නැගෙනහිර සහ දකුණු පළාත් කංඩායම් (04) පෙරවරු මනුෂ්‍ය ඝාතන විස්සකට අධික ප්‍රමාණය කට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින සංවිධානාත්මක අපරාධකරු වෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන දැනට ඩුබායි රටේ සැගව සිටින ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙනිය සුද්දා සහ ඔහුගෙ සොහොයුරා වන පාතාල කල්ලි සාමාජිකයෙකු වන සනත් ද සිල්වා නොහොත් රාජු යන අපරාධකරුවන් ට අයත් මිටියාගොඩ සහ හසලක ප්‍රදේශ වල නිවාස සහ කුරුදු ඉඩම් ද ඔවුන්ගෙ සමිපතම අනුගාමිකයන් ලෙස කටයුතු කරන කරන්දෙනිය සුද්දා සහ රාජු යන අයගේ සහෝදරිය වන සොබනා හන්දි යමුනා ජයන්ති සහ මස්සිනා වන මැදගෙදර ලයනල් ගුනතිලක යන අයවලුන් මිටියාගොඩ හසලක පොලිස් වසම් වලින් අත්අඩංගුවට ගත් අතර තවදුරටත් එම ප්‍රදේශ වල ඇති ඔවුන් ට අයත් නීති විරෝධී වත්කම් විමර්ශනය කිරිම සදහා ඇල්පිටිය සහ තෙල්දෙනිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ මගින් පුලුල් පරික්ෂණ කටයුතු අරඹා ඇත.

තවද හසලක පොලිස් බල ප්‍රදේශයේදී කරන්දෙනිය සුද්දා නැමති සංවිධානාත්මක අපරාධ කරුගෙ සහෝදරිය ලග තිබි අයිස් හෙවත් මෙතැම්ෆිටමින් 100g ප්‍රමාණයක් ද, ඔහුගේ මස්සිනා ලග තිබී අයිස් 10g ක් සමග මිටියාගොඩ පොලිස් බල ප්‍රදේශයේදී දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් අවසන් වරට ඉකුත් මාර්තු 11 පිටිගල පොලිස් වසමෙි වෙළඳ සලකට භාණ්ඩ ගැනීමට පැමිණි තරුණයින් දෙදෙනෙකු සහ එදිනම අම්බලන්ගොඩ පොලිස් වසමේ වෙළඳ සලකදී තවත් තරුණයෙන් දෙදෙනෙකු ඇතුළුව තරුණයෙන් හතර දෙනෙකු ඝාතන මෙහෙයවා ඇත.

මෙම සිද්ධියේ අනෙත් ප්‍රධාන සැකකරු දැනට සැඟව සිටින අතර මොහුගේ මව විසින් ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තම පුතා නිර්දේශී පුද්ගලයෙකු බවත් ඔහු දැනට අතුරුදහන්ව ඇති බවටත් ප්‍රකාශ කර ඇතත් ඇයගේ දෙවැනි පුතා
මෙම කරන්දෙනිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනුදැනුම මත 2022.08.21 වන දින අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී තවත් තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත .

මෙම අපරාධකරුද පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් මාර්තු 27 ඉපලෝගම පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments