29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාගේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ආනයනකරුවන්ගේ සංගමය

පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාගේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ආනයනකරුවන්ගේ සංගමය

මෙහිදි ඒ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න මහතාTOP NEWS ASIA වෙත අදහස් දක්වමින් මෙසේද කීය…..පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා ඉකුත්දින සිදුකළ අත්‍යාව්‍යශ්‍ය භාණ්ඩවන ලොකුළූණු හා සීනිවැනි භාණ්ඩ ජනතාවට ලබාදිය හැකියි කියන මිලගණන් සම්බන්ධයෙනි. මෙය ප්‍රායෝගික තත්ත්වයක් නොවන අතර කව්රුන් ඒ මහතාව නොමග යවා ඇති බවක් පෙනෙන මබව සෙනෙවිරත්න මහතා කීය.

එළවළු වගාකරන ගොවියාට වෙළෙඳපොළේ අලෙවිවන මිල යන්නේ නෑ. තෝර මාළු කිලෝ එක රුපියල් හාරදහසට ගියා ඒ මිල මාළු අල්ලන මිනිහට යනවාද , මාළු වෙළෙඳපොලේ කිලෝ එකක මිලට තමයි ඉන් පිටත මාළු පන්සීයක් විකුණනන්නේ එකට එකක් මිල වැඩියි ඒ නිසා මෙය අපිට පිළිගන්න නොහැකි අතර ආනයනකරුවන් ලාභ ලබන්නත් පුළුවන් පාඩු ලබන අවස්ථාවනුත් තිබෙන බව කිව යුතුයි. සිල්ලර මිලට ආනයනකරුවන් වග කියන්නේ නෑ.

අද ලොකුළූනු එන්නේ කූල් කන්ටේනර්වලයි. එහිදි ළූනු මිටි එළියට ගත්තාම වැඩිකල් තබන්න බෑ. කිලෝ විසිපහේ බෑග් එකක් ගෙනියන මනුෂ්‍යාට එය අලෙවි කිරීම අවසන් වන විටකිලෝ දහය පහළොව විසිකරන තත්ත්වයට පත්වෙන්නත් පුළුවන්. පැළවීම හා තවත් හේතු නිසා. එහිදි රුපියල් තුන්සීයට ළූනු කිලෝ එක අරගෙන එය රුපියල් තුන්සිය දහයට දෙන්න බෑ. මේ ගැන ඒ මන්ත්‍රීවරයා දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments