25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅප්‍රේල් මස මත්පැන් විකිණීම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම.

අප්‍රේල් මස මත්පැන් විකිණීම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම.

ලබන (13) සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 2024. 04. 12 හා 13 දෙදින සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහල හෝටල වල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.

02.  2024. 04. 23 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයෙහිදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.

03. මෙම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි, සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබා දෙන මෙන් මහජනතාව දැනුවත් කර සිටිමි.

04. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන තහවුරු කරගැනීමකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුවේ තීරණ හා නියෝග පිළිබව අසත්‍ය නිවේදන ප්‍රකාශයට පත්කිරීමෙන් වැලකී සිටින ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments