ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් (12) සිදු කරනු ලැබු මෙහෙයුමක් මගීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කරන ලද කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කාන්තාව පරීක්ෂාවට ලක් කර නිලධාරීන් ඇය මෙම මත්ද්‍රව්‍ය තම ශරීරය තුළ සඟවාගෙන සිටින බවට හැඟී ගිය හෙයින් ඒවා ඉවතට ගැනීම සඳහා මීගමුව රජය රෝහලට ඇතුල් කරන ලදී. මේ වන විට මෙම කාන්තාව තම ශරීරයේ ඇතුළත සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය ගුලි 57 එළියට ගන්නා ලද අතර එහි බර ග්‍රෑම් 620 කට ආසන්න වේ. මෙම ගුලිවල කොකේන් නමැති මත්ද්‍රව්‍ය අඩංගු බවට නිලධාරීන් විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු කරගන්නා ලදී. දැනට එළියට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළඳපළ වටිනාකම මිලියන 26 කට ආසන්න වේ. තවදුරටත් ඇයගේ ශරීරය තුළ මත්ද්‍රව්‍යගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි. මෙම කාන්තා මගියා මැඩගස්කර් ජාතිකයෙකු වන අතර ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි හරහා විස්තරා ගුවන් සේවයට අයත් UK 131 යන ගුවන් යානයෙන් සවස හතරට පමණ ලංකාවට ළඟාවෙන ලදී. කාන්තාවගේ වයස අවුරුදු තිස් අටක් පමණ වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපළ තුල මෑතකදී සිදු කරන ලද දෙවැනි කොකේන් වැටලීම මෙය වේ.