යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේදී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද සහභාගී විය.
ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම උදෙසා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 17ක් වැය කරමින් යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු විය.
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙනවා.
