25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPගුවන්තොටුපළේදී රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කරන ලද කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට....

ගුවන්තොටුපළේදී රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කරන ලද කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට. ශ්‍රීි ලංකා රේගුව

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද දිනයේදී සිදු කරනු ලැබු මෙහෙයුමක් මගීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කරන ලද කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් පරීක්ෂාවට ලක් කර නිලධාරීන් සිදු කරන ලද ශරීරය පරීක්ෂාවක් මගින් මෙම කාන්තාවන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ගුලි තම ශරීරය අභ්‍යන්තරයේ සඟවාගෙන තිබෙන බව තහවුරු කරගන්නා ලදී. ඒ අනුව කාන්තාවන් දෙදෙනාම තම ශරීරය අභ්‍යන්තරයේ තිබූ මත්ද්‍රව්‍ය ගුලි පිළිවලින් විසිනමයක් හා එකොළහක් බැගින් ඉවතට ගන්නා ලදී. මේ වන විට ඉවතට ගන්නා ලද මත්ද්‍රව්‍ය ගුලි 40 හි බර ග්‍රෑම් 500 කට ආසන්න වේ. මෙම ගුලිවල කොකේන් නමැති මත්ද්‍රව්‍ය අඩංගු බවට නිලධාරීන් විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු කරගන්නා ලදී. දැනට එළියට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළඳපළ වටිනාකම මිලියන 20 කට ආසන්න වේ.
තවදුරටත් මෙම කාන්තාවන් දෙදෙනාගේ ශරීර තුළ මත්ද්‍රව්‍යගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි.
මෙම මෙම කාන්තා මගින් දෙදෙනා ගිනි ජනරජයට අයත් ජාතිකයෙකු වන අතර සියරා ලියොන් සිට තුර්කියේ ස්ථාන්බූල් හරහා Turkish air ගුවන් සමාගමට අයත් TK 730 නැමැති ගුවන් යානයෙන් උදෑසන 6 ට පමණ ශ්‍රී ලංකාවට ළඟාවෙන ලදී. කාන්තාවන්ගේ වයස පිළිවලින් අවුරුදු 40ක් හා හතළිස් දෙකක් පමණ වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපළ තුල මෑතකදී සිදු කරන ලද තුන්වෙනි කොකේන් වැටලීම මෙය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments