26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර, නිළ මුද්‍රා ව්‍යාජ ලෙස සකසා තරුණයින් රැමේනියාවට යැවීමට...

කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර, නිළ මුද්‍රා ව්‍යාජ ලෙස සකසා තරුණයින් රැමේනියාවට යැවීමට තැත්කළ සැකකරු අත්අඩංගුවට…

කූඨ ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් විසින් කටයුතු කර තිබේ.

කිලිනොච්චිය ප්‍රදේශයේ ඉකුත්(24) රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන පරික්ෂා කිරීමේදී ඔවුන් පිළිබඳ සැකසිතු කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් ඔවුන් සමග පැමිණි ඒජන්සි ආයතනයේ නියෝජිතයා රඳවාගෙන ප්‍රශ්න කරයි.

එහිදී එම රැකියා නියෝජිතායතනය නීතිවිරෝධි ආයතනයක් බවට අනාවරණය වී තිබේ. එබැවින් විදේශ ගතවීමට පැමිණි තරුණයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ඇතුළු ලේඛනද නිළධාරීන් විසින් දැඩිව පරීක්ෂා කර ඇති අතර, එහිදි කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් උපයෝගි කරගෙන ඇති බවද හෙළි වී ඇත. එසේම නිළධාරීන් වෙත ඉදිරිපත් කළ රැමේනියා වීසාද ව්‍යාජ වීසා බවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද අතර, ඔහුට සහය වු තවත් පුද්ගලයෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවන් (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments