21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ප්‍රවීන රංඟන ශිල්පි ක්ලීටස් මෙන්ඩිස් සම්භාවනීය රංඟනයක

ප්‍රවීන රංඟන ශිල්පි ක්ලීටස් මෙන්ඩිස් සම්භාවනීය රංඟනයක

වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය යන මාධ්‍ය තුල සිය කුසලතා පෙන්වමින් චරිතාංඟ රංඟන ශිල්පියෙකු ලෙස සිය කලා දිවියේ ඉදිරියට පැමිණ සිටින ක්ලීටස් මෙන්ඩිස් මහතා කදාන හපුගොඩ ආශ්චර්යය යුක්ත වු දේව මාතා දෙවස්තානයට වසර 100 (සියයක්)සපිරීම නිමිත්තෙන් නිර්මාණය වන ‘ආශ්චර්යය යුක්ත වු දේව මාතාවෝ ‘සිනමා පටයේ අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ චරිතය රඟපාමින් සිය කලා දිවියේ තවත් කඩඉමක් සනිටුහන් කර ඇත.

මෙම සිනමා පටයේ රුපගත මේ දිනවල සිදුකරමින් පවතියි.හපුගොඩ දේවස්ථාන මීසම් පාලක ගරු ටෝනි පින්තු පියතුමාගේ පූර්ණ ආශිර්වාදය මත ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක දිල්ශාන් තමෙල් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා පටයේ තිර රචනය අමාලි තමෙල් ගෙනි .ප්‍රවීණ රංගන ශිල්පීන් වන ක්ලිටස් මෙන්ඩිස් ,මොරින් චාරුනී,මනෝහාරි විමලතුංග,රොෂාන් රණවන,හා දසුනි නවෝද්‍යා සමග නවක රංගන ශිල්පීන් ,ශිල්පිනියන් රැසක් මෙහී රංගනයෙන් දායකත්වය දක්වති.
මෙහි කතා තෙමාව ලෙස 1844 වසරේ දි ඉතාලියේ රොම නගරයේ කන්‍යාරාමයක් තුල සිදු වු සිදුවීමක් තුළින් ආශ්චර්යය යුක්ත වු දෙව මාතාවගෙ සිතුවම නිර්මාණය වු අකාරය දැක්වේ.මෙම සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂණය ,සංස්කරණය ,කැමරාකරණය හා වර්ණ සංයොජනය දිල්ශාන් තමෙල් සිදුකරන අතර මෙය සා Praduction ඉදිරිපත් කිරිමකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments