22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පළමු මාස 4ට පමණක් ශ්‍රි ලාංකිකයෝ 2,064ක් දකුණු කොරියානු රැකියා සඳහා පිටව...

පළමු මාස 4ට පමණක් ශ්‍රි ලාංකිකයෝ 2,064ක් දකුණු කොරියානු රැකියා සඳහා පිටව යති…

මේ වසරේ ඉකුත් මාස 4ක් තුල පමණක් ශ්‍රි ලාංකිකයින් 2,064 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 1708 දෙනෙකුද, ධිවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 5 දෙනෙකුද පිටව ගොස් තිබේ.

මෙසේ පිටව ගිය තරුණයින් අතුරින් 1892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, අනෙක් 131 දෙනා දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ.

තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවෙමින් පවතින අතර, ඒ අනුව තරුණියන් 41 දෙනෙකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

මේ අතර, නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 51 දෙනෙකු (29) දකුණු කොරියාව බලා පිටව ගියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments