22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාට...

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාට උසස්වීමක්..

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සහ මිල පිරික්සුම් අංශයේ ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා අද දින ආදායම් හා සේවා සමූහයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පත් කරනු ලැබීය.

1989 වසරේදී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙසින් රේගු සේවයට බැඳුනු ඔහු විවිධ අංශ තුල සේවය කරමින් දැනුම් සම්භාරයක් හිමි කරගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රේගු කලමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියද එංගලන්තයේ බකිංහැම්ශයර් නව විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියද හිමිකරගෙන ඇති ඔහු ලෝක රේගු සංවිධානයේ වරලත් විශේෂඥ පුහුනුකරුවෙකු ලෙසද කටයුතු කරයි.

ඔහු ගලගෙදර මිණිගමුව මහා විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments