විශේෂඥ වෛද්‍යවරයකුගෙ නිර්දේශයෙන් තොරව අධිමාත්‍රා ලෙස භාවිතා කරන නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදී සිටි මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීවවිශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනිම් හා වැටලිම් සිදුකර ඇත.
ඒ් අනුව අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ගුනසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කල්ලඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිළධාරීන්ගෙන් ලද තොරතුරකට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) මඩකලපුව පොලිස් වසමේ දුම්රියපොල පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයෙන් තොරව අධි මාත්‍රා සහිත මත්පෙති ලෙස භාවිතා කිරීමට හැකි (Neurovan- 150 (Pregablin Capsules 150 mg) අන්තරාදායක ඖෂධ කරල් 1,440 ක් සන්තකයේ තබාගෙන ජාවාරම්කරුවන් හට බෙදා හැරීම සදහා කාර් රථයත් මගින් ප්‍රවාහනය කරමින් සිටි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
- මහාපරිමාණයෙන් හෙරොයින් සන්තකයේ තබා ගෙන ජාවාරම් කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.එච්.ඒ.එම්.ආර්. ගුණවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) මට්ටක්කුලිය පොලිස් වසමේ මට්ටක්කුලිය ශාන්ත මේරි මාවතේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රැම් 230 ක් සන්තකයේ තබා ගෙන ජාවාරමේ යෙදුනු මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයකු මුදල් රු. 224,000.00 ක්, ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින වැල්ලේ සාරංගගේ මොහයවිම මත සිදුකරන ලද මනුෂ්‍ය ගාතනයක් සදහා පැමිනි පුද්ගලයකු ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වැල්ලෙ සාරංගගේ ප්‍රධාන ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. විරක්කොඩි ඇතුළු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) ජා ඇළ පොලිස් වසමේ අංක 33, විජය පාර, තුඩැල්ල, ජා ඇළ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
