25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2023 කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵලවලින් අයදුම්කරුවන් 95% විභාගය සමත්

2023 කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵලවලින් අයදුම්කරුවන් 95% විභාගය සමත්

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී තිබේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 කි. මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වේ.

එසේම විභාගය සමත් අයදුම්කරුවන් සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන්හිදී සිදු කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments