23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ අවුරුද්දේ මේ වන විට ඩෙංගු රෝගීන් 25000 ක් වාර්තා වෙලා තියෙනවා-ජාතික...

මේ අවුරුද්දේ මේ වන විට ඩෙංගු රෝගීන් 25000 ක් වාර්තා වෙලා තියෙනවා-ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

කොළඹ වික්‍රමපාල

හරියටම 25528 මේ වන විට රෝගීන් වාර්තා වෙලා තියෙනවා එයින් මැයි මාසයේ වාර්තා වුණා 2647
ජූනි මාසයට වාර්තා වෙලා තියෙනවා පසුගිය දවස් හයට ඩෙංගු රෝගීන් 608 ක් වාර්තා වෙලා තියෙනවා
ඒ කියන්නේ දවසකට රෝගීන් 100 ආසන්න ගානක් වාර්තා වෙනවා

මේ විදියට වැඩීමක් සිද්ධ වන්නේ මෝසම් වර්ෂාවත් සමග සක්‍රිය වීම නිසා මදුරුවන් බෝවීම වැඩිවෙලා තියෙනවා

පැතිරීමත් වැඩිවෙලා තියෙනවා මේ මාසයේ බලාපොරොත්තු වෙනවා රෝගීන් 3000 වැඩි ප්‍රමාණයක් වාර්තා වීමේ විශාල අවදානමක් තියෙනවා

මේ අවස්ථාවේ වැදගත්ම වැඩේ මදුරුවන් පාලනය කිරීම මෝසම් වර්ෂාවත් එක්ක බලපෑමක් ඇතිවෙලා තියෙනවා බස්නාහිර පළාත වයඹ පළාත දකුණු පළාත සබරගමුව මධ්‍යම පළාත විශේෂයෙන්ම මේ පළාත්වල බලපෑම වැඩියි

මේ සඳහා විශේෂ අවධානයක් යොමු කරලා මදුරන් බෝවීම වළක්වා ගත යුතුයි

තමුන්ගේ ළමයා අධ්‍යාපනය ලබන පාසල වෙන්න පුළුවන් ආගම අදහන සිද්ධස්ථාන වෙන්න පුළුවන් තමන් රාජකාරියට යන ආයතනය වෙන්න පුළුවන් මේ ඕනෑම තැනක මදුරුවන් බෝවන ස්ථාන වෙන්න පුළුවන් අප හැමෝගෙම වගකීම තමයි මදුරන් බෝවෙන ස්ථාන තියෙනවා නම් ඒවා හඳුනා ගැනීම විනාශ කිරීම අඩුම වශයෙන් සතියකට පැය කීපයක් වෙන් කරලා විනාශ කළ යුතුයි

සෞඛ්‍යාංශ විදිහට පළාත් සෞඛ්‍ය කාර්යාල දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලත් සමඟ එකතු වෙලා රජයේ ආයතන එකතුවෙලා මදුරු මර්දන වැඩසටහන කළ යුතුයි

ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු මදුරු පාලනය සාර්ථකව කරල තියෙනවා මෝසම් වර්ෂාවත් සමග එය වෙනස් වුණා

2024 ඩෙංගු මදුරු පාලනයට සැලැස්මක් තියෙනවා වැඩි වුණත් එය පාලනය කරනවා පැය 48කට වැඩියෙන් උන තියෙනවනම් එය ඩෙංගු උනා වෙන්න පුළුවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත ය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments