කොළඹ වික්‍රමපාල
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය……ගංවතුරෙන් පීඩාවට පත් අයට ශෝකය ප්‍රකාශ කරනවා,මාව ජාතික ලේකම් ලෙස පත් කලා.
එක්සත් ජාතික පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී එක්සත් ජාතික පක්ෂය නගා සිටිවියයුතුයි.
මේ රටේ ආර්ථිකය නොවැටෙන ආකාරයට සකස් කල යුතුයි.
විදුලිබල පනත සම්මත වීමත් එක්ක විදුලි මිල අඩු කල හැකි වේවි.
මීට කාලෙකට කලින් තිබුනේ පෝලිම් යුගයක්.දැන් එහෙම නෑ.මෝඩි ජනාධිපතිතුමා නැවත දිවුරුම් දෙනවා.ඒ රට දියුනු වෙනකොට අපිටත් ඒකේ වාසිය ලැබෙනවා.ඉන්දියාව සීඝ්‍රයෙන් ඉදිරියට යනවා.ඒක දැනගෙන තමයි ජනාධිපති මෝඩි අගමැතිතුමා එක්ක වැඩ කරන්නේ .
මේ රටේ කෘෂිකර්මය තුලින් ඉදිරියට යා යුතුයි.
කටු පොල් ගැන වැරදි මතයක් තිබුනා.
දැන් කටු පොල් නැවත ස්ථාපිත වේවි.
ආර්ථික පරිවර්තන පනත සුභවාදී පනතක්.මේ හරහා ණය ප්‍රමාණය සීමා වේවි.කොස්ට් එක සීමා වේවි.
විපක්ෂය බිල්ලෝ මවනවා.ඒ පැත්තේ ඉන්න අය විවාදයට යන්නෙත් නැ.
අපි අහන්නේ ඇයි විවාදයට එන්න බය කියලයි.හැංගි හැංගි ඉන්නවා.
හැම කෙනාම තමන්ගේ දර්ශණය ඉදිරිපත් කල යුතුයි.
විවදයෙන් පැනලා ගිහින් ඉන්නේ අදක්ෂ නිසයි.මම නම් කියන්නේ ඔය විවාදයට රනිල් වික්‍රමසිංහත් ගේන්න කියලයි.
මම එක්සත් ජාතික පක්ෂය එකමුතු කරනවා.අනිත් පක්ෂ වලට ගිය අයටත් ආරාධනා කරනවා.එජාපය හැර ගිය අයට ආරාධනා කරනවා.අපි පුලුල් සන්ධානයක් එක්ක ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.සියලු පක්ෂ එකතු කරන් කටයුතු කරනවා.තව දවස් 10 කින් 12 කින් අපේ සන්ධානය ගැන දැන ගන්න පුලුවන්
පාර්ලිමේන්තුව විසුරුවනවා කියන්නේ බොරුවක්.රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න පුලුවන්අපි නිර්පාක්ෂිකව ජනාධිපතිතුමා ඉදිරිපත් කරනවා.එජාපයේ නිහඩ ඡන්ද තිබුනා.ඒවා නැවත ලැබෙනවා.
සුළු ජාතික චන්ද ටික ලැබෙනවා.ලක්ෂ 90 ක් 95ක් අපිට ලැබෙනවා.