22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeවිදේශීය පුවත්මෝදී තෙවනවරටත් ඉන්දියාවේ අගමැති ලෙස පත්වෙයි.

මෝදී තෙවනවරටත් ඉන්දියාවේ අගමැති ලෙස පත්වෙයි.

සති හයක කාලයක් පුරා පැවති මහ මැතිවරණයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් ධුරයේ දිවුරුම් දුන්නේය.

ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ එකම පුද්ගලයා බවට ඔහු පත්වනවා.ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අරාධනයෙන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා.අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්වුණා.

මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කෙරුණු අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් ජයග්‍රහණය කරමින් බහුතර බලය හිමිකර ගත්තා.කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 232ක බලය පමණයි.අනතුරුව ජුනි 5 වන දින සන්ධ්‍යාවේදී මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපතිවරිය දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළා.

පසුව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරිය වෙත භාරදීමටයි කටයුතු කළේ.ඒ අනුව ජයග්‍රහණයෙන් පසු ධුරයේ නැවති දිවුරුම්දීමේ උත්සවය අද සන්ධ්‍යාවේ 7ට පමණ රාෂ්ඨපති භවන් හිදී ආරම්භ කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා සමග නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

දිවුරුම් දීමේ උත්සවය සදහා රාජ්‍ය නායකයින් රැසක් සහභාගි වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ,ෂීසෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆීප් , බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, මොරිෂස් අග්‍රාමාත්‍ය ප්‍රවීන්ද් කුමාර් ,නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පා කමල් දහාල් , භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබේ යන මහත්ම මහත්මීන් එම උත්සවයට සහභාගි වන බව දැනුම් දී ඇති බව එම අමාත්‍යංශය තවදුරටත් සඳහන් කරනවා.

බංග්ලාදේශ හා ෂීසෙල්ස් අග්‍රාමාත්‍යවරුන් ඊයේ ඉන්දියාවට පැමිණි අතර අනෙක් රාජ්‍ය නායකයින් අද දිනයේ දී එරටට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් ඒ අයි 282 ගුවන් යානය අද දහවල් නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජහා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගි වනු ඇති.

ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් අද සන්ධ්‍යාවේ රාශ්ඨපති භවන් හිදී පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන්නේ.

පසුව රාජ්‍ය නායකයින් ඉන්දීය ජනාධිපති ද්‍රර්යපදි මුර්මු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට නවදහසක පමණ පිරිසක් සහභාගිවීමට නියමිත බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

උත්සවය හේතුවෙන් නවදිල්ලි අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නගරය ගුවන් මුක්ත කලාපයක් ලෙසයි නම්කර ඇත්තේ.

නගරයේ ඉහළ පෙළේ හෝටල්වල ආරක්ෂාව ද දැඩිකර ඇති බව සඳහන්.

රාජ්‍ය නායකයින් ගමන් ගන්නා මාර්ග වසාදමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ආරක්ෂාව සඳහා ඉන්දීය යුද හමුදාව , කැරළි මර්දන ඒකකය , පොලිස් විශේෂ බලකාය ඇතුළු ආරක්ෂක අංශ රැසකින් සිය ගණනක පිරිසක් යොදවා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments