

ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය (ASLCSCC) සහ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ යුනාන් පළාත් ජනතා සංගමය එක්ව සංවිධානය කරන ලද මෙම සමාජසත්කාරක වැඩසටහන 2025 අගෝස්තු 19 සහ 20 යන දිනවල කොළඹ කිංග්ස් රෝහලේදී පවත්වන ලදී.
චීනයේ කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහල සහ කොළඹ කිංග්ස් රෝහල සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන දෙදින (19 හා 20) මානුෂීය වැඩසටහන, ශ්‍රී ලාංකික රෝගීන් 100 දෙනෙකු සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීම සහ අභ්‍යන්තර කාච බද්ධ කිරීමේ සැත්කම් ඉතා සාර්ථකව අවසන් කිරිමට හැකිවු බව චීන වෛද්‍ය කණ්ඩායම සදහන් කරයි. චින වෛද්‍ය කණඩායමේ ප්‍රධානි හා චීනයේ කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ උප සභාපති, වෛද්‍ය චාං වෙයි (Zhang Wei) ඇතුලු අක්ෂි වෛද්‍ය කණ්ඩායමක් හා කිංග්ස් රෝහලේ වෛද්‍යවරු ඇතුලු හෙද කාර්ය මණ්ඩලය මෙම සැත්කම් සිදුකරන ලදි.
සැත්කම් වලින් පසුව, රෝගීන්ගේ අක්ෂි බද්ධ කිරීම් සහ පසු විපරම් ක්‍රියා පටිපාටි ඇතුළු පශ්චාත් ශල්‍ය සත්කාර උත්සවය අද (21) කිංග්ස් රෝහලේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චින තානාපති චී චොංහොං (Qi Zhenhong). සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රනන්ද අබේසේකර, කිංග්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය භද්ද්‍රජිත් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ගැඹුරු මුල් බැසගත් මිත්‍රත්වය සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරුන් හා චින තානාපති සාමූහිකව ප්‍රශංසා කළ අතර, මෙම වෛද්‍ය මෙහෙවර ශ්‍රී ලංකාවේ ජනතාවට සෘජුවම ප්‍රතිලාභ ලබා දෙන ප්‍රායෝගික සමාජ හා සංස්කෘතික සහයෝගීතාවයේ දීප්තිමත් උදාහරණයක් ලෙස ඉස්මතු කළේය. ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය (ASLCSCC), සමාජීය හා සංස්කෘතික මුලපිරීම් හරහා ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජනතාව අතර මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ දිගුකාලීන බැඳීම් පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට කැපවී සිටී.
විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ යුනාන් පළාත් ජනතා සංගමය යනු යුනාන් පළාත සහ ලොව පුරා අනෙකුත් රටවල් අතර මිත්‍රශීලී හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන චීන සංවිධානයකි.