29.8 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeවිදේශීය පුවත්ට්‍රම්ප් හා පුටින් හමුවක් (15)දා

ට්‍රම්ප් හා පුටින් හමුවක් (15)දා

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමිරීච් පුටින් හෙට අගෝ.(15) ඇලස්කාවේදී හමුවීමට නියමිතයි.

මෙම ලෝක බලවතුන් දෙදෙනා හමුවන ඇලස්කාව මුලින් අයත්වී තිබුණේ රුසියාවටයි. ඇලස්කාව රුසියාවට කි.මි. 88.5ක් තරම් ඉතා සුළු දුරකින් ‍පිහිටා ඇත. පළමු පෝල්සාර් අධිරාජ්‍යා විසින් 1967 වසරේදී මෙම ඇලස්කා භූමිය අලෙවිකර තිබෙන්නේ ඩොලර් මිලියන 7.2කටය. ටෙක්සාන් ප්‍රාන්තය මෙන් දෙගුණයක්වූවත් ඇලස්කා භූමිය කිසිම වැඩක් නැති දෙයක් ලෙස එම කාලවකවානුවේදී ජනතාව දොස් කීහ. පසුව එම භූමියෙන් තෙල් ගෑස් සොයා ගත් විට එම දොස් පැවරීම නැවැත්විණි. ඇලස්කාවේ තවමත් රුසියානු සළකුණු තිබේ. 1867න් පසු එමභූමියට පා තබන පළමු රුසියානු ජනාධිපති වනුයේ ව්ලැදිමීර් පුටින්ය. අමෙරිකානු ජනාධිපති හා රුසියානු ජනාධිපති අවසන්වරට හමුවි ඇත්තේ 2021දීය. මෙම හමුවීම සිදුවන්නේ ඇල්කෙරේජ් එල් මෙන්ඩාෆ් හමුදා කඳවුරේදීය. මෙම හමුවීම සිදුවන්නේ අමෙරිකාව පවසා ඇත්තේ පුටින් ජනාධිපතිට සවන්දීම මෙහිදි සිදුවන බවයි. පුටින්ගේ ස්ථාවරය සෘණ ආකල්පයකී ඒ යූක්‍රේන ජනාධිපතිවරයා මේ අවස්ථාවට එක්නොවීම සම්බනධවයි. කෙසේ වෙතත් අමෙරිකාව මේ පිළිබඳ කියන්නේ ළඟදීම ත්‍රෛපාර්ශවීය සාකච්ඡාවක් පවත්වන බවයි. ඇතමුන්ගේ මතය වනුයේ දැනටමත් රුසියාව මේ යුද්ධයෙන් ජයගෙන ඇති බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments