21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al...

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al Ameri) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වයට වඩා අද පවතින තත්ත්වය ඉතා යහපත් බවත් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කරන බව තානාපතිවරයා පැවසීය.

එරට රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
තම රට සමග සාකච්ඡා කර ඊට හැකි මැදිහත්වීමත් සිදුකිරීමට කටයුතු කරන බව තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al Ameri) මහතා
අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.

දෙරටේ පොලිසි අතර තොරතුරු හුවමාරු කර ගැනීම් සහ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පුහුණුවීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම මෙන්ම,පොලිස් විද්‍යාල සඳහා නව වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳව ද අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments