කොවිඩ් එන්නත් ගහලා මැරුණු අය ගැන වාර්තා වුනා සහ තවමත් වාර් තා වෙනවා. නමුත් පැණිය බිලා මැරුණ අය ගැන වාර් තා වුනාද? නැහැ.එතකොට නයත් දේශීයයි. පැනියත් දේශීයයි. දේශීය දේවල් දරාගන්න බැරි ලොකු අහවල් අමාරුවක් තියෙනවා ගොඩක් අයට. මේ නයා ආවානම් වෙන කොහෙන් හරි ඌ හොද නයෙක් වෙනවා. පැණිය ආවා නම් ෆයිසර් ලේබලය ගහලා එහෙනම් අන්න පැණිය.” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ 10වනදාපැවති “ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා” දේශණය හා සාකච්ඡාවේදීය.
සෑම පුරවැසියෙකුටම කේත අංකය නිකුත් කළ දවසට ශ්‍රී ලංකාවේ දුෂණය නවතින බවත් එය ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර කළ යුතුම දෙයක් බවත් හෙතෙම කිවේය.
“නමුත්මේකේතක්‍රමයගෙනඑන්නටඔයසහෝදරවරුන්ගේන්යැපෙනඅයකැමතිනැහැ. මොකදඑතකොටසහෝදරයෙකුටබෑගෙවල්හදලාදෙන්න. ඕස්ට්‍රේලියාවේඑන්නබිස්නස්ක්ලාස්ටිකට්අරන්දෙන්න. මොකදඅදායමවියදමමේසියල්ලසටහන්වෙනවා. ගෝඨාභයමේකකරන්නගියා. ඉන්දියාවසමඟඑක්වඒසඳහාඅවශ්‍යකටයුතුසිදුකරද්දීඉන්දියාවඅපේදත්තහොරකන්කරනවාකියලාඑකටඅකුල්හෙලුවා. මේදුෂිතවළල්ලපවත්වාගනිමින්ඔවුන්ඒමගින්පැවැත්මතහවුරුකරගන්නකටයුතුකරමින්සිටිනවා. එයආරක්ෂාකරනවා. එමනිසාමේපුද්ගලකේතක්‍රමයගෙනඒමෙන්පමණයිමේරටේදුෂණයපිටුදැකියහැක්කේකියලමමකියන්නකැමතියි. මම අකමැතිම දේ දේශපාලනය. හැබැයි මට එන්න වුනා. අපි කුඩාකල සිටම අපි දැක්කා මේ දේශපාලනය තමයි අපේ ජීවිතය මෙහෙයවන්නේ කියලා. අපි උත්සහා කළා විවිධ විදියට මේ රටේ අනාගතය වෙනස් කර ගන්න. අපි විවිධ පක්ෂ කණ්ඩායම්වලට උදවු කළා. නමුත් අපි කරපු ඒ කැපකිරීම්වලට ලැබුනේ මඩ. ඇගයීම් නෙවේ. පෙට්ටි කඩේ රොටි කාපු දිලිත් තමා තවම ඉන්නේ. ටික්ටොක් එකට රගපාන දිලිත් නෙවේ. අපි දීර්ඝ ගමනක් ආවා. තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මම පෞද්ගලිකව විශාල කැපවීමක් කළා. ගොඩක් මහන්සි වුනා. සෙසු රාජපක්ෂවරුන්ගේ තියෙන දුෂිත බව ඔහු තුල නැති නිසා මම ඔහුට උදවු කළා. ඒ නිසාම මට වගකීමක් පැවරිලා තියෙනවා. ඔහු වෙනුවෙන් නිර්මාණශීලි සන්නිවේදනයක යෙදුනු පුද්ගලයෙක් මම. ඒ නිසා මට වගකීමක් තියෙනවා ඔහු ඒ පුටුවෙන් නැගිටලා යනකොට හෝ එලවනකොට ඉන් මතු වුන යතාර්ථයට මුහුණ දීමට ඔබ වෙනුවෙන් යමක් කිරීමේ වගකීමක් මට තියෙනවා. මම අකමැති දේශපාලනයට මම ආවේ ඒ හේතුව නිසයි. මේ රට ඉදිරියට යන්න නම්, මොකක් හරි වෙනසක් වෙන්න ඕන නම් ඒ වෙන්න ඕන වෙනස තමයි අර පරණ දේ නොවන පරිසරයක් නිර්මාණය කර ගැනීම. වෙන විසදුමක් නැහැ. අපි ජනතාව ධනාත්මක කර ගන්න ඕන. මොකද රටක් කියන්නේ අජීවී සම්පත් සජීවී කර ගන්න හැකියාව තිබෙන මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කර ගත් සමාජ එකතුවක්. මිනිසුන් මෝටිවේට් වෙන් නැතුව කොච්චර සම්පත් තිබුණත් ඒ සම්පත්වලින් වැඩක් නැහැ. අපි ඍණාත්මක දේවල්වලට ගිහින් තියෙන්නේ. මේ සදහා අපිට දේශපාලකයින් මග පෙන්වලා තියෙනවා. අපි ඔක්කොම හිතන්න පටන් අරන් තියෙනවා ඍණාත්මකව. අද මේ ඍණාත්මක ශ්‍රී ලංකාවේ උපරිමයට ඇවිල්ලා ජනතාව හිතනවා අපි මුන්ට හරි ඡන්දය දෙනවා කෙලවෙලා යන්න හරි කියලා. ඒකට වගකිව යුතු පුද්ගලයෝ ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි එය විසදුම නෙවේ. අපි මේ රටට ආදරෙයි.
මේ රට වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම කරනවා. අද ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ටික එකට එකතුවෙලා තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ ලංකාවේ වඩාත්ම දුෂිත පාලනය සිදු වෙන්නේ දැන්. ඔක්කොම යාළුවො මල්ලි. අද ලංකාවේ විරුද්ධ පක්ෂයක් නැහැ. ඒ නිසා අපිට සිද්ද වෙලා තියෙනවා යම් යම් තීන්දු තීරණ අර ගනිමින් සාම්ප්‍රධායික කතාන්දරය ඇතුලේම මේක විසදගන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න සිද්ද වුණේ ඔහුගේ සහෝදරයා බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බෑනාට අවශ්‍ය වුනා ඔහුව ගෙදර යවන්න. අරගල වෙන කතාවක්. මට එහෙම සහෝදරයින් නැති නිසා මට ඒ ගැටලුව එන්නේ නැහැ ඔබ මාව වැරදිලා හරි ජනාධිපති කලොත්. අපි නව පාර්ලිමේන්තුවක් ඇති කර ගත යුතුමයි. අපි ලබන 27 වැනිදා ඉදිරිපත් කරනවා දින වකවානු සහිත උපායමාර්ගික වැඩපිළිවෙලක්. එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවේ. ලංකාවේ මෙතෙක්කල් තිබුනේ ප්‍රතිපත්ති ප්‍රකාශ. ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නේ නොකෙරෙන විදිය පොතක සටහන් කිරීමයි.
සාම්ප්‍රධායික දේශපාලනය කරන ලද සමහර දේවල් අපිටත් කරන්න වෙයි අපේ උතුම් අරමුණ ඉටු කර ගැනීම සදහා. මම දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 193 සමග සාකච්ඡා කළා. ඔවුන්ගෙන් බහුතරයක් එල්. ටී. ටී. ඊ එකෙන් ටිකට් එක ලැබුණත් ඡන්දය ඉල්ලනවා දිනන්න පුළුවන් නම්. කිසිම ප්‍රතිපත්තියක් දේශපාලනයක් නැහැ. ඉන් 53 තෝරා ගත්තා. ඔවුන් අදුෂිතයි. අපිට දිනන්න අවශ්‍යයි සතුටු දැයක් සදහා. ඒ සදහා අවම කොන්දේසි යටතේ විවිධ චෝදනා ඇති එහෙත් අපිට කළමනාකරණය කර ගත හැකි බව විශ්වාස කරන ඒ වගේම සමස්තය තුල ඒ චෝදනාවලට සාපේක්ෂව අඩු වගකීමක් පැවරෙනවා යැයි සිතන ප්‍රයෝගික දේශපාලන තීන්දු අරගන්න. නමුත් මේක සාම්ප්‍රධායික සන්ධානයකුත් නෙවේ. මේක එකමුතුවක්. එහි අරමුණ අපිට ඕන වුනා අපි විශ්වාස කරන ජාතිකත්ව දේශපාලන කොටස් එකතු කරගෙන ජයග්‍රහණය කරා යා හැකි අය සමග ගමනක් යන්න.
පරිපෝෂිත විද්‍යාව සහ ජාන තාක්ෂණය පිළිබද ආචාර්ය රසිකා කුමාරසිංහ
අපි හරහට ඉරක් ඇන්දොත් එහෙම ඒ ඉර යට තියෙන්නේ අපේ මුලික අයිතිවාසිකම් වන බඩගින්න, ගෙයක් දොරක් සාදා ගන්න එක, අධ්‍යාපනය වගේ දේවල් සාම්ප්‍රධායික දේශපාලනය තුළ ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට ඉර උඩ තියෙන්නේ මානව අයිතිවාසිකම්, මානව හිමිකම්, මාධ්‍ය, අධිකරණය,. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස. එතන තමා සතුට තියෙන්නේ. හැබැයි මේ සාම්ප්‍රධායික දේශපාලනය තුලින් සාම්ප්‍රධායික දේශපාලකයා ඉර යටින් තියෙන මුලික අයිතිවාසිකම් ටික ප්‍රශ්න පත්‍රයක් තියලා ඒක නඩත්තු කරනවා. ඇයි එහෙම නඩත්තු කරන්නේ? එයාලා ඒ ප්‍රශ්න පත්‍රය තමයි දෙන්නේ අපිට මැතිවරණ පොරොන්දු විදියට. ඔබලාට කන්න දෙන්නම්, බොන්න දෙන්නම්, අධ්‍යාපනය නිකන් දෙන්නම්, රැකියාවක් දෙන්නම්, නිවස හදා ගන්න ටකරන් දෙන්නම් අපිට ඡන්දය දෙන්න. ඒවා තමයි පොරොන්දු පත්‍රිකාවේ තියෙන්නේ. අපිට කවදාවත් ඔය ලයින් එකෙන් උඩට යන්න බැහැ. එතකොට ඒ පොරොන්දු මත අපි යැපුම් මානසිකත්වය මත යමක් ලබා ගන්න අපි කෙනෙක් බලයට ගේනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දය ඉල්ලන කෙනා ජනතාව මත යැපෙන්න ඕන. හැබැයි අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අපි යැපෙන්න ඕන දේශපාලකයා මත. එතකොට අපි නිකන් දෙනකම් බලාගෙන ඉන්න ජාතියක් බවට පත් කරලා තියෙනවා. මෙන්න මේ දේ හදලා තියෙන්නේ මේ සාම්ප්‍රධායික දේශපාලනය තුලින්. එම නිසා මම මේ මව්බිම ජනතා පක්ෂය දකින්නේ අපේ ජනතාවට මුලික අවශ්‍යතාවයන් හදා ගන්න ආකල්පමය වෙනසක් විදියට අපි දෙයක් කියලා දුන්නොත් මේ දේ කරගන්න පුළුවන් වුනොත් එතකොට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර හොයා ගන්න දුන්නොත් ඒ ඡන්ද පොරොන්දු පත්‍රයට උත්තර හොයා ගන්න පාර කියාදෙන වැඩසටහනක් විදියට. එය ව්‍යවසායකත්ව රාජ්‍යක්. මෙය අපි හදා ගත්තොත් අපිට දේශපාලකයා මත යැපෙන්න ඕන නැහැ. ඒ නිසා තමයි මම මේ සංකල්පය සමග එකතු වුණේ. මේ හරහා අපිට දේශපාලකයා අපි මත යැපෙන සංස්කෘතියක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි මේ සදහා අපිට නායකයෙක් අවශ්‍ය වෙනවා. අපිට රජෙක් ඕන නැහැ. අපිට ඕන නායකයෙක්. පසුගිය කාලයේ අපිට රජවරු හිටියා. අපි ඒවාගෙන් වුන දේ මොකද්ද කියලා දැක්කා. තවමත් කට්ටියක් රජෙක් එනකම් බලාගෙන ඉන්නවා. එයාලා ආවාම කැවුම් කිරිබත් හදන්න බලාගෙන ඉන්නවා. මම එයාලට ගරහන්න යන්නේ නැහැ. මම එයාලට අනුකම්පා කරනවා. මම එයාලට කියනවා අපත් සමග එකතු වෙන්න කියලා. අපිට ඕන අපේ රටේ ඉපදුන අපේ රටේ අධ්‍යාපනයෙන් හැදිලා වැඩක් කරලා පෙන්නපු අපේ රටේ ජනතාවගේ රිද්මය අදුනන අපේ රටේ රොටියක රස දන්නා අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් පරමාදර්ශී පුද්ගලයෙක්. ඒ නිසා දිලිත් ජයවීර අප ඔබ සමග ඉන්නවා. හැරෙන්න එපා ගමන දිගටම යන්න.
ව්‍යවසායක ජමිත පතිරණ
ධනාත්මක සිතුවිලි නැතුව කවදාවත් හොද ව්‍යවසායකයෙක් වෙන්න බැහැ. ලංකාව කියන්නේ තැඹිලි ගෙඩිය විකුණලා හරි ජිවත් වෙන්න පුළුවන් හොද ව්‍යවසායකත්වයක් සහිත ජනතාවක් ඉන්න රටක්. පොඩි කඩයක් දාගෙන ආප්ප රොටී විකුණලා හරි තමන්ගේ පවුල නඩත්තු කරගෙන යන ව්‍යවසායකත්වයක් තියෙන රටක්. මේ රටට අවශ්‍ය වෙන්නේ හොද නායකත්වයක් සහ දුරදර්ශි නායකත්වයක්. එහෙම වුනොත් රට හදන්න පුළුවන්. ඒ නිසා මේක හොද වටිනා අවස්තාවක්.
ඕස්ට්‍රේලියානු විශේෂ ගෞරව නාමයකින් පිදුම් ලැබූ වෛද්‍ය සහ නීතිඥ දිනේෂ් පලිපාන
මගේ දුෂ්කරතම කාලයේ තමයි මට දිලිත් ජයවීර හම්බ වෙන්නේ. එතකොට මම ගෙදරින් තනියම එලියට බහින්න පවා බය කාලයක්. හැබැයි මම දිලිත් හම්බ වෙනකොට එයා මාව දන්නෙත් නැහැ. මම එයා දන්නෙත් නැහැ. මට දිලිත් ජයවීර ට්‍රයඩ් එකේ රැකියාවක් ලබා දුන්නා. දිලිත්ගේ මගපෙන්වීම සහ මිත්‍රකම නිසා මම පුද්ගලයෙක් ලෙස නැගී සිටියා. මාව නැවත ගොඩ නැගුවා. මම රෝද පුටුවක සිට ජය ගත්තේ දිලිත් නිසයි.


