මෙවර ගාලුමුවදොර ස්වයංරැකියා වෙළෙඳ කුඨි ලබාදීමේදී හිටපු අය අමතකර කරලා අත යට මුදල්වලට අලුත් අයට ලබාදීලා අපට සාධාරණයක් කරන්න එම ස්වයංරැකියා වෙළෙඳුන් ගාලුමුවදොර ට එක්ව පවසතී.
එහිදි මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වු එම වෙළෙඳුන් කියා සිටියේ ඉකුත් නිදහස් දින සැමරුවෙමන් පසු වෙළෙඳ කුඨි ලබාදීමේදී මෙම අසාධාරණය සිදුවුණු බවය. එදා නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබුණු වෙළෙඳසැල් වර්තමානයේදී ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පෞද්ගලික සමාගමක් වෙත පවරා පාලනය කරයි. එම සමාගමේ සභාපතිවරයා මෙම අසාධාරණකම්වලට ඇහුම්කන් නොදී කිසිදු සාකච්ඡාවක් නොදි අහක බලාගෙන සිටියි.
මෙහිදි අදහස් දැක්වු ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාකියා සිටියේ….. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ගමන් කරන මෙම අවස්ථාවේදී මේ ජනතාවත් පීඩනයට පත් නොකර මේ අයගේ අඳෝනාව අසා ඊට ඊට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලවේය.
ගාලුමුවදොර පිට්ටනිය ඉදිරිපිට වාහන නැවතුම්පොළේ ස්ථීරවම රථවාහන නවතාගෙන් වෙළෙඳ කටයුතු කළ නොහැකි අතර මේවනවිට ලොරි නවතා ගෙන ඇතැම් කරත්තවල රෝදත් ගලවාගෙන ස්ථීරව වෙළෙඳාම් කරන පෙනෙන්නට තිබෙන අතර මේවා කරන්න අවසර දුන්නේ කව්ද මෙය අයත්වෙන්නේ කොළඹ නගර සභාවටයි. මේවාට හිටපු ඇතැම් නාගරික මන්ත්‍රීවරු අත යට කප්පම් අරගෙන තිබෙන බවට යම් යම් ආරංචි යනවා. බලධාරින් මේවා ගැන අවධානය යොමුකළ යුතුයි.
ගාලුමුවදොර වෙළෙඳුන් පවසන අන්දමට වෙළෙඳුන් විසි නවයකට වෙළෙඳ කුඨි අහිමිවි තිබෙන අතර එහිදි වඩේ කඩ දහනවයක් හා ස්ථීර කඩ දහයක් ගැනද සාකච්ඡා විය. අපේ දරු පවුල් ගැන සිතලා ඇමැති නිමල් සිරිපාලද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඬල ප්‍රධානි සාගල රත්නාමයක මහතා වෙතට අපි ලිපි ඉදිරිපත් කර තිබුණත් ඒ අයට එම ලිපි ලැබුණද කියලා අපි දන්නේ නෑ ඒ නිසා වසර පනහ, විස්ස වැනි දීර්ඝ කාලයක් තිස්සේ වෙළෙඳ කටයුතු කරන අපට සාධාරණයක් ඉටුකර දෙන්න කියලා ඒ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම ස්ථානය අධිආරක්ෂිත කලාපයක් නිසා පොලිසිය පැමිණ සිටින අයුරු දක්නට ලැබිණ.