ISIS සංවිධානයට අධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන්ගේ ගෝලයා හෙරොයින් සහ ජාවාරමෙන් ඉපයු මුදල් ද සමඟින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත පාලම ආසන්නයේ, කොමර්ශල් බැංකු ATM යන්ත්‍රය අසල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයකු මුදල් රුපියල් 202,930.00 ක්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදිය සමඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී එම පුද්ගලයා දැනට ISIS සංවිධානයට අධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු වන අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන් (රවුෆ්ඩීන්) නැමැත්තා සමග සමීප සබදතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වීරවිල ශ්‍රී සම්බෝධි පුරාණ විහාරයේ පුරාවස්තු කැණිම් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13 ) වීරවිල පොලිස් වසමේ ශ්‍රී සම්බෝධි විහාරය, ගල්කන්ද, සිංහපුර, වීරවිල ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නිත්‍යානුකූලව අවසරයක් නොමැතිව පුරාවස්තු කැණිම් කරමින් සිටි නොටාල්පිටිය, කෑගල්ල, බංඩාරගම, විරවිල, කොස්ගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 59 අතර පසුවල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන පුරාවස්තු කැණිම් කිරීමට භාවිතා කල පුජා භාණ්ඩද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම විහාරස්ථානයේ හිමිනමද මෙ වන විට විහාරස්ථානය හැර ගොස් ඇති අතර මිට පෙර අවස්ථාවන් හිදීද මෙම විහාරස්ථානයේ නිදන් හෑරීම සිදුකර ඇත.
ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනයට සූදානම් කර සඟවා තිබූ කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු KG (කැනබිස් සැටයිවා එල්) කිලෝ ග්‍රෑම් 135ක් ග්‍රෑම් 100 ක් අඩංගු පාර්සල් 60 ක් යාපනය ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
යාපනය කලාපය බාර පොලිස් අධිකාරී හේරත්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා උතුරු නාවික විධානයට අයත් බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පො.ප. ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මරදන්කේනි පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (13) මරදන්කේණි පොලිස් වසමේ තාලයඩි ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරය අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහාප්‍රවාහනයට සූදානම් කර ඉතා සුක්ෂමව සගවා තිබු කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුත් කැනබිස් සැටයිවා එල් නොහොත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135 ග්‍රෑම් 100 ක් අඩංගු පාර්සල් 60 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදන්කේණි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.