22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්චිනයේ සංස්කෘතිය හා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් 2024 සම්මේලනය කටයුතු...

චිනයේ සංස්කෘතිය හා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් 2024 සම්මේලනය කටයුතු කරනවා-උදේෂි ගුණරත්න මහත්මිය

කොළඹ වික්‍රමපාල

කොමන් වේල්ත් අයිකොනික් එක හරහා iconic විශ්වවිද්‍යාලය ලංකාවට පැමිණ තිබෙන අතර එහිදි චීන සංස්කෘතියත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් පිළිබිඹු කරන 2024 සම්මේලනය පැවැත්වෙන බව උදේෂි ගුණරත්න මහත්මිය පැවසුවාය.

කොමන් වේල්ත් අයිකොනික් ෆෙඩරේෂන්.අධ්‍යක්ෂ විදේශ සම්බන්ධතා ධූරයේ කටයුතු කරන එම මහත්මිය වැඩීදුරටත් මෙහි කතා කරමින්………..පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ලංකාවට පැමිණි kunLun සරසවියේ ප්‍රධානියා ඇතුළු සිසු සිසුවියන් ලංකාවට පැමිණ චීන ආවේද සත්කාර ක්‍රම ගැනත් චීනයේ මාසෙල් art පිළිබඳ ඉපැරණි බුදු දහම පිළිබඳ හා විශ්ව ශක්තිය පිළිබඳ තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබන සිසු දරුවන් සඳහා අධ්‍යාපන ලබාදීමක් හා දැනුම හුවමාරු කිරීමක් දින හතරක වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඉන් එක අංඟයක් වන (16) ලස්සනට පැමිණ අප සංස්කෘතික භාණ්ඩ නිරීක්ෂණය කර එහි දැනුම ලබා ගැනීම අද සිදු කෙරුණා.

කොමන් වේල්ත් අයිකොනික් එක හරහා iconic විශ්වවිද්‍යාලය ලංකාවට ගෙනැල්ලා තියෙනවා එම විශ්වවිද්‍යාලයේ කුලපති kunLun ඇතුළු සිසු සිසුවියන් ලංකාවේ සංස්කෘතියත්, චීන සංස්කෘතියත් අපි ලංකාවේදී පෙන්නලා දෙරට අතර එකඟතා සාමූහික තාවය ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට, ව්‍යාපාරික ක්ෂේත්‍රයට, අඩු ආදායම්ලාභී පවුල් වලට සහයෝගය ලබාදීම සම්බන්ධව චීනය රජයත් සිංගප්පූරු රජයත් එහි සංවිධාන සියල්ල එකතුවෙලා අපේ රටට මේ විශ්වවිද්‍යාලය ගෙනල්ලා මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරනවා ආචාර්ය සින්තියන් චෙන් සින්තියන් චේන් කියන්නේ වසර ගණනාවක් තිස්සේ අපේ රටට විශාල ධන පරිත්‍යාග කරලා අපේ රටට ආයෝජන ගෙනාපු කාන්තාවක් එතුමිය මේ කොමන් වේල්ත් අයිකොනික් ෆෙඩරේෂන් international governor විදියට කටයුතු කරනවා මෙම සමුළුව දාහත් වෙනිදා දක්වා පැවැත්වෙනවා ලංකාවේ සියලුම දේශපාලනඥයින්ට අපි ආරාධනා කරලා තියෙනවා ඒ වගේම අපේ රටේ සංස්කෘතියට ප්‍රධාන ලෙස පෙන්වන තැනක් තමයි ලක්සල රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපිව දැනුවත් කිරීම සිදුවුණා. මේ ආයතනය පෙන්නලා අපේ රටේ දේවල් දෙස් විදෙස් පුරාම නම ගෙනියන්න අපේ රටේ නිෂ්පාදන ලෝකයට හඳුන්වා දීම සඳහා අපි අද ලක්සල ආයතනයට මේ අයත් සමග පැමිණියේ අපේ ද අපිට වටිනවා ඒ දේ ලෝකෙටම ගෙනියන්න පුළුවන් තැනක් තමයි ලක්සල.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments