25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරම්කරුවෙකු මාට්ටු

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරම්කරුවෙකු මාට්ටු

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, ගොඩගම පිහිටි විකී ඉන්ටර්නැෂනල් සොලියුෂන්ස් ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබුණු අතර, එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධික වේ. එම වංචාකරුව (13) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර,  යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීති විරෝධි අයුරින් පවත්වාගෙන ගොස් තිබේ. මෙම ආයතනයට රුමේනියා රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් තිබුණද, පැමිණිලිකරුවන් රැකියා සඳහා යොමුකිරීමට ඔවුන් කටයුතු කර නොමැත. 

පැමිණිලි විභාග කිරිම සඳහා අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments