නීති විරෝධීව මෙරටටගෙන්වනු ලැබු කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ සිගරැට් එක්ලක්ෂ විසිදහක් සැකකරුවන් තිදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී මෙරටට හිමි විය යුතු විාශාල තීරු බදු මුදලක් අහිමි කරමින් කෝටි දෙකකට ආසන්න වෙලදපොළ වටිනාකමක් ඇති විවිධ වර්ගයේ නීති විරෝධී සිගරැට් 🚬 එක්ලක්ෂ විසිදහක් හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත සහ කොළඹ 10 ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32 – 45 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15 ) බොරැල්ල පොලිස් වසමේ ගොරක ගහ පාරේ පළමු වන පටුමගට හැරෙන හන්දිය අසල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 520 ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරිමේදි යතුරු පැදියකින් පැමිණි රාජගිරිය හා කොළඹ 08, ලෙස්ලිරණගල මාවත පදිංචි වයස අවුරුදු 26 හා 34 ක පුද්ගලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 540 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ වරදට ඩිජිටල් තරාදි 02 ක්, ජාවාරමින් උපයාගත් රුපියල් 201,500.00 ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ ගෝලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී සිටිපොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය රත්ගම උප කඳවුරේ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් රත්ගම උප කඳවුරේ පොලිස් පරීක්ෂක ඒච්.පි. සරත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා විශේෂ කාර්ය බලකාය ගලගොඩ උප කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්දව (15) මීටියාගොඩ පොලිස් වසමේ රොන්නදූව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 840 සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහණය කරමින් සිටි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සදහා සුදානම් ව සිටි
පුද්ගලයකු යාපනයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
යාපනය කලාපය බාර පොලිස් අධිකාරී හේරත්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එච්.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18 ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි කයිට්ස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.