29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsබගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් මැණික් ගරමින් සිටි...

බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු එස්.ටි.එෆ්. අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ෙමම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ෙගන තිෙබ්.

කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.එන්. කැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය අධි රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මාඑළිය අධි රක්ෂිතයට අනවසරෙන් ඇතුලුවී රක්ෂිතයට හානි වන පරිදි මැණික් ගරමින් සිටි බොගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 44 ත් අතර පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තා ගේ ගෝලයා ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් හා මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරික්ෂක එල්.ඩි.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) කෙසලේවත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 900 ක් සමග ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 300,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි වයස අවුරුදු 19 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ප්‍රශ්ණ කිරීමේදී මෙම සැකකරු ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග යන අයගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත. ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments