කොළඹ වික්‍රමපාල
ස්ත්‍රී පුරුෂ සමානාත්වතාම සම්බන්ධයෙන් බොරැල්ලේදී පැවැති Young For Change Organization – Young Womens Lawyers Circle Press Conference මාධ්‍ය හමුව එහි සාමාජිකාවන් අදහස් දැක්වුයේ මෙසේය….. නීතිඥ තිලිණි ජයසිරි – තරුණ නීතිඥවරියන්ගේ කවයේ ලේකම් පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිලිබද පනත් කෙටුම්පත ඉතා වැදගත් යැයි අපි අදහස් කරනවා.මොකද අද සමාජයේ අපේ රටේ පුරුෂයාට හිමි වන අයිතිය කාන්තාවට ලැබෙනවාදැයි ගැටලුවක් තිබෙනවා.මේ පනත් කෙටුම්පතේ වැරදි දෙයක් අපි දකින්නේ නෑ.මේ පනත් කෙටුම්පත වෙනුවෙන් අපි සිට ගන්නවා.
නීතිඥ අපේක්ෂා සදමිනී – තරුණ නීතිඥවරියන්ගේ කවයේ විධායක කමිටු සභික…………ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගික නැඹුරුව ජීව විද්‍යාත්මකයි.ඒ නිසා ඔවුන් වෙනස්කොට සලකනවා නම් නීතිය උල්ලංඝනය වීමක් සිදුවෙනවා.මිනිසාගේ ජීව විද්‍යාත්මක අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි.එම නිසා මෙම පනත් කෙටුම්පතේ සාධනීය කරුණු අපි දකිනවා.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්කරගෙන සියල්ලට වෙනස්කොට සැලැකීමෙන් නිදහස් වී සිටිය හැකි සමාජයක් ගොඩනැගිය යුතුයි.
නීතිඥ දිලිනි අමරසිංහ – විධායක කමිටු සභික…………ස්ත්‍රී පුරුෂ සියල්ලට සමානව නොසලකන රටක් සුදුසු නැහැ.සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.මෙම පනත් කෙටුම්පත තුල ආගමික වශයෙන් බලපෑම් සහිත දෑ අඩංගු යැයි ඇතැමුන් ප්‍රකාශ කර තිබුනා.ඒ අදහස පිලිගන්න බැහැ.සංස්කෘතික කාරණා කියලා ඇතැමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සිදු නොවෙනවා නම් ගැටලුවක්. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිලිබද පනත් කෙටුම්පතට සහය පල කර අදහස් ප්‍රකාශ කළාය.
කාන්තාවන්ගේ මෙන්ම වෙනස් ලිංඟික තත්ත්වයන් ඇත්තන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවයි මෙහිදි වැඩිදුරටත් කියැවුණේ.