ඩ්‍රෝන් කැමරා තාක්ෂණය භාවිතයෙන් යාල වනඋද්‍යානයේ ඉතා සූක්ෂම වගා කරන ලද ගංජා වගාවන් දෙකක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිදාන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) යාල වනෝද්‍යානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධීව අඩි 03යි අඟල් 03 ක් පමණ උසකින් යුත් ගංජා ගස් 6,786 සහිත පර්චස් 35ක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා හේනක් සහ අඩි 02ක් පමණ උසකින් යුත් ගංජා ගස් 5,954 සහිත පර්චස් 25ක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා හේනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20 සමග කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අනෙකුත් ගංජා ගස් එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැගවී සිටින ඩුබායි කසුන් හා ලහිරු යන අයවළුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහමොලකරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23 ) ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ අංක 190, නාගලන් වීදිය, කොලඹ 14 පිහිටි ගරාජය පිටුපස දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 360 ක් සමග කොලඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදි මාහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ඩුබායි කසුන් සහ ලහිරු යන අයවළුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහමොලකරු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
